මෑත කාලීනව තිරගත වූ චිත්‍රපට අතුරින් ජ්‍යාත්‍යන්තර පැසසුමට ලක්වූ චිත්‍රපට අතර ඉදිරියෙන්ම සිටින චිත්‍රපටයක් ලෙස විශම භාග චිත්‍රපටය හදුන්වාදෙන්න පුළුවන්. නමුත් එම චිත්‍රපටය මෙරට ප්‍රේක්ෂකයාට නැරබීමට හැකිවූයේ දින කිහිපයක් පමණි.

ඉතාලියේ රෝම නගරයේදී පසුගියදා දෙවන  ඔස්ටියා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේදී නැවතත් විශමභාග චිත්‍රපටය සම්මානයක් දිනාගත් බව වාර්ථාවෙනවා. ඒ හොදම අධ්‍යක්ශණයට හිමි සම්මානයයි. එය එම චිත්‍රපටය අධ්‍යක්ශණය කල ලලිත් රත්නායක මහතාට හිමිවිය. මෙම චිත්‍රපට උලෙල සදහා ශ්‍රී ලාංකික නියෝජනයක්වූයේ මුල් වතාවටයි. මෙම සම්මාන උලෙලේ හොදම වෘතාන්ත චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවේ ඉරානය නියෝජනය කල වෙයිට්ලස්නස් චිත්‍රපටයයි.

එම සම්මානය සටහන් වූයේ විශමභාග චිත්‍රපටය අන්තර්ජාතික වශයෙන් දිනාගත් 49 වන සම්මානයයි. ලලිත් රත්නායක මහතාද එම චිත්‍රපටය වෙනුවෙන් හොදම අධ්‍යක්ශණය වෙනුවෙන් ලබාගත් 6වන සම්මානයයි.

මෙම චිත්‍රපටය ශ්‍රද්ධා ෆිල්ම් ලෙසින් නිර්මාණය වූ අතර ජැක්සන් ඇන්තනී, හේමසිරි ලියනගේ, කෞශල්‍යා ප්‍රනාන්දු, තිලක්ශණී රත්නායක, ප්‍රියන්ත සිසිරකුමාර ඇතුළු දක්ශ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එකතුවී තිබුණා. තිරරචනය හා අධ්‍යක්ශණය ලලිත් රත්නායක, කැමරා අධ්‍යක්ශණය පාලිත පෙරේරා, සංගීත අධ්‍යක්ශණය චාමර රුවන්තිලක, සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර විසිනි.  

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *