මෑත පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන විනූ උදානි සිරිවර්ධනගේ විවාහය අද(28) සිදු වුනා. ඇය විවාහ ගිවිසගෙන තිබුණේ ප්‍රවීණ ආර්ථික විද්‍යා දේශකයෙකුවන කසුන් ලියනගේ මහතා සමගයි.


1992 උපන් විනූ උදානි සිරිවර්ධන කා අතරත් ජනප්‍රියත්වයට පත්වන්නඒ 2012 Miss Srilanka කිරුල සමගය. එතැන් සිට විවිධ ටෙලිනාට්‍ය, චිත්‍රපට මෙන්ම වෙළෙඳ දැන්වීම් හරහාත් ඇය ප්‍රේක්ෂකයා අතරට පැමිණෙන්නට සමත් වුනා.


යෝජිත විවාහයක් මත විවාහ ගිවිසගත් ඇයගේ අතගත් සහකරු වූ කසුන් ලියනගේ මහතා ප්‍රවීණ ආර්ථික විද්‍යා දේශකයෙකි. කෙසේ වෙතත් ඇය විවාහයට ඉතා අසන්න වනතුරුම තමාගේ පෙම්වතා කවුදැයි මාධ්‍යයෙන් වසන්කර තැබීමට කටයුතු කලා. විවාහය පෙර සමාජ මාධ්‍යට එක් කර තිබූ ඡායාරූපයේද ඔහුගේ මුහුණ නොපෙන්වා සිටින්නට ඇය කටයුතු කර තිබුණා.


කලා ලෝකයේ තරු රැසක් සමග අද උදෑසන ඇයගේ විවාහ මංගලෝත්සවය සිදු කෙරුණා. මෙයට හිටපු ජනාධිපති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක්වසිටියා.  

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *