Worldwide

විජේට මල් සමග ගල් : මුරලි සිනමාවට

ලෝකයේ බිහිවූ අග්‍රගණ්‍යම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කථාව පදනම් කරගනිමින් දකුණු ඉන්දියානු චිත්‍රපටයක් නිර්මාණය වන බවට තොරතුරු වාර්ථාවනවා. මෙහි මුරලිදරන්ගේ චරිතය දකුණු ඉන්දියානු සුපිරි නලුවකු වන විජේ සේදුපති විසින් රගදක්වන බවයි. වාර්ථාවන්නේ. ඒ පිළිබඳ නිල නිවේදනයක් ඊයේ එරට මාධ්‍ය වාර්ථාකර තිබුණා.

1996 ක්‍රිකට් ලෝක කුසලානය ඇතුළු මෙරට ක්‍රිකට් ශේෂ්ත්‍රයේ ප්‍රධාන පෙලේ ජයග්‍රහන රැසකට සක්‍රීය දායකත්වයක් ලබාදුන් මුත්තයියා මුරලිදරන් ලෝකයේ බිහිවූ විශිෂ්ටතම දගපන්දු යවන්නා ලෙස සැලකෙනවා. 2010 දී ගාලු ක්‍රිකට් පිටියේ පැවති ඔහුගේ අවසන් ක්‍රිකට් තරගයේදීයි ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක ප්‍රග්ජාන් ඕජාගේ කඩුල්ල දවාගනිමින් ටෙස්ට් ක්‍රිකට් පිටියේ කඩුලු 800ක් දවාගත් ලොව එකම ක්‍රීඩකයා වන්නට ඔහුට හැකියාව ලැබුණා. එපමණක් නොව ලොව වැඩිම එක්දින කඩුලු ලාබියාත්, ලොව වැඩිම ජ්‍යාත්‍යන්තර කඩුලු ලාබියා වන්නේත් ඔහුයි. වරෙක ඕස්ට්‍රේලියානු විනිසුරු ඩැරල් හෙයාර් විසින් ඔහු දමාගසන බවට චෝදනා එල්ල කිරීම ඇතුළු කතාබහට තුඩුදුන් කරුණු රැසක් මුරලිගේ ක්‍රිකට් ජීවිතයට ඇතුලත්.

මුරලිගේ චරිතය නිරූපනය කිරීමට දකුණු ඉන්දීය නලු විජේ සේදුපති සූදානම් බව ඊයේ නිල නිවේදය නිකුත්වීමෙන් පසු ඔහු වෙත සුභපැතුම් මෙන්ම ගැරැහුම්ද එල්ල වෙන්නට පටන්ගෙන තිබෙනවා. විශේශයෙන් මෙරට යුධමය වකවානුවේදී මුරලිදරන් ශ්‍රී ලාංකික හමුදා වෙනුවෙන් කතා කිරීම. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩාකිරීම මෙන්ම පසුකාලීනව දේශපාලනිකව යුද්ධය ජයගත් මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන පාර්ශවය වෙනුවෙන් කතාකිරීම යන කරුනු මුල්කරගනිමින් දකුණු ඉන්දීය ඇතැම් පාර්ශව මෙන්ම මෙරට උතුරුකරයේ පාර්ශවයන්ද විජේ සේදුපතිට එරෙහිව කතාකර ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ දකින්න පුළුවන්. මෙරට යුද්දය අවසන් වීම පිළිබඳ දකුණු ඉන්දියානු පුද්ගලයන් එතරම් සතුටකින් නොසිටීම මීට හේතුව වන්නට පුළුවන්. යුද්දය පවතින කාලසීමාවේදී දකුණු ඉන්දීය සුපිරි නලු විජේ තලපති ඇතුළු පිරිසක් ප්‍රභාකරන්ට සහයෝගය දී උපවාස කරනුද දක්නට ලැබුණා. කෙසේ වෙතත් විජේ සේදුපති මේවනවිට මෙම චරිතය රගදැක්වීමට තීරණයන්කර තිබේ.

ඉන්දීය සිනමා කර්මාන්ත අපේ රටේ සුවිශිෂ්ට චරිත මෙලෙස සිනමාවට නැගුවත් අපේ රටේ සිනමා කර්මාන්තය තුලින් මෙවැනි චරිතාපදාන සිනමා නිර්මාණ බිහිවන්නේ ඉතාම කලාතුරකිනි. ඉන්දීය සිනමාපට ප්‍රතිනිර්මාණය කරමින් මෙන්ම ඉතිහාසකතා ප්‍රතිනිර්මාණය කරමින් ගොඩනැගෙන අපේ සිනමා නිර්මාණයන්ට මෙලෙස අපේ රටේ නිමවිය යුතු නිර්මාණ විදේශයකින් නිර්මාණය වනු බලාසිටින්න සිදුවි තිබේ.

Related posts

නේහා කක්කර් විවාහ වෙයි

Himal Samaranayake

හොලිවුඩ් නලු ලිස්ටර් ජීවිතයෙන් සමුගනී

Himal Samaranayake

තමන්නාටත් කොරෝනා

Himal Samaranayake

Leave a Comment