මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව පදනම් කරගනිමින් දකුණු ඉන්දියාවේ නිර්මාණය වීමට නියමිත 800 චිත්‍රපටයෙන් ඉවත්වීමට ඉන්දීය නලු විජේ සේතුපති විසින් තීරණයකර තිබෙනවා. ඒ මුරලිදරන්ගේ ඉල්ලීමකට අනුවයි.

800 චිත්‍රපටය සදහා එහි ආරම්භක අදහස ඉදිරිපත් කල අවස්ථාවේ සිටම ඉන්දීය දමිල සමාජයෙන් විශාල විරෝධයක් එල්ලවීමට පටන්ගත්තා. ඒ පිටුපස තමිල්නාඩු දේශපාලනයේ ප්‍රභලයන්, දකුණු ඉන්දීය නලුවන්, රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකරුවන් රැසක් සිටින බවට නොරහසක්. ඔවුන් විසින් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණයකල විරෝධය ඉතා ඉක්මනින් පැතිරගියා. මේ විරෝධය හමුවේ ඉන්දීය නලුවන්ට මෙහි චරිත භාරගැනීමට විරෝධය මතුවුනා. කෙසේ වෙතත් විරෝධයන් නොතකා දකුණු ඉන්දීය සුපිරි නලු විජේ සේතුපති විසින් මෙහි ප්‍රධාන චරිතය භාරගෙන තිබුණා. ඔහු චරිතය භාරගත් අවස්තාවේ සිට ඔහු වෙනුවෙන්ද විශාල සමාජ විරෝධයක් ගොඩනැගෙමින් පවතිනවා.

කෙසේ වෙතත් පවතින තත්වයන් හමුවේ දකුණු ඉන්දීය සුපිරි නලුවෙකුගේ අනාගතය විනාශ කිරීමට ඉඩ නොදී ඔහුට චිත්‍රපටයෙන් ඉවත්වන ලෙස මුරලි ඉල්ලීමක් කර තිබුණා. ඔහු වෙනුවට පවතින තත්වය අනුව නිශ්පාදන කණ්ඩායම සුදුසු ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි මුරලි සදහන් කර තිබුණා. එයට ප්‍රතිචාර දක්වමින් විජේ සේතුපති විසින් එය පිළිගත් බව වාර්තාවෙනවා. ඒ අනුව විජේ සේතුපති එම චරිතය සදහා රංගනයෙන් එක් නොවනු ඇති.

විරෝධතාකරුවන් නිරන්තරයෙන් එල්ල කරන චෝදනාව නම් මුරලිදරන් උතුරේ දෙමල ජනතාව වෙනුවෙන් කිසිවක් නොකලා යන්නයි. අදටත් මුරලිදරන් විසින් උතුරේ දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍යය වෙනුවෙන් මහගු වැඩසටහන් සංවිධානය කරමින් සිටී. ඔහු දමිල ජනතාව වෙනුවෙනුත් විශාල කාර්‍යභාරයක් කල අයෙකි. එපමනක් නොව දකුණු ඉන්දියාවට ස්වභාවික විපත් පැමිණි අවස්තාවල ඔහු විසින් මූල්‍ය ආධාර පවා ලබාදී තිබුණි. නමුත් ඒවාට ඔවුන් කෘතගුණ සලකන්නේ මෙලෙසය.

30 වසරක කුරිරු යුද්ධය නිමාකරමින් යුධ බියේ සිටි උතුරේ අහිංසක දෙමල ජනතාව වෙනුවෙන් සාමය රැගෙන ගිය අවස්තාවලත් එයට එරෙහිව උපවාසකල විජේ තලපති වැනි ඉන්දීය නලුවන් මෙන්ම සිය දේශපාලන ව්‍යාපාර වෙනුවෙන් උතුරේ ජනතාවගේ දුක අලවිකරනා ඉන්දීය දේශපාලනය ගැනද අමුතුවෙන් අදහස් පෙන්වාදිය යුතුනැත.

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *