varun dhawan wedding
Worldwide

පාසල් ප්‍රේමය සමග වරුන් යුග දිවියට

බොලිවූඩයේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු මෙන්ම බොලිවුඩ් සිනමා පරම්පරාවකට හිමිකම් කියන වරුන් ධවන් විවාහ දිවියට එලෙබ තිබෙනවා. ආසියාතික තරුණියන් රැසකගේ සිහින කුමරෙකු වූ වරුන්ගේ අතගන්නට සමත් තරුණිය් බවට පත්ව තිබෙන්නේ නටාශා දලාල් නැමති මෝස්තර නිරූපන ශිල්පිනියයි. ඇය වරුන් ධවන් ගේ පාසල් කාලයේ මිතුරියක් බවයි වාර්ථාවන්නේ.

වරුන් ධවන්

අනිල් ධවන්, ඩේවිඩ් දවන් සිනමා පව්ලේ දෙවන පරම්පරාවට හිමිකම් කියමින් ඩේවිඩ් ධවන්ගේ පුත්‍රයා ලෙස වරුන් ධවන් ඉන්දීය සිනමාවට පිවිසෙනවා. 2012 වසරේදී ආලියා භාත් සමග, කරන් ජොහාර් අධ්‍යක්ශණය කල student of the year(2012) චිත්‍රපටය හරහා වරුන් බොලිවුඩ් සිනමාවට එක්වනවා. Humpty Sharma ki Dulhaniya(2014), ABCD2(2015), Badlapur(2015), Dilwale(2015), Dishoom(2016), ආදී නිර්මාණ ගනනාවක වරුන් ධවන් රංගනයෙන් එකතුවෙනවා.

විටෙක ආලියා භාත් තවත් විටෙක ශද්ධා කපූර් වැනි සුරූපී බොලිවුඩ් නිලියන් සමග පෙම් සමගතා ඇති බවට කට කතා පැතිරුණත් වරුන් ධවන් සදහන් කරන්නේ පාසල් කාලයේ 6 පන්තියේ සිටම ඔහුගේ ප්‍රේමය නටාශා බවයි. අවස්ථා කිහිපයකදීම ඇයට ආදරය ප්‍රකාශකලත් ඇය විසින් එය එම අවස්ථාවන්හිදී ප්‍රතික්ශේප කල බවත් ඔහු පවසනවා. නමුත් තමා උත්සාහය අත් නොහැරීමේ ප්‍රතිපලයක් ලෙස ඇයව තමා සතු කරගැනීමටහැකිවූ බව වරුන් ප්‍රකාශකරනවා.

නටාශා දලාල්

වරුන් ධවන්ගේ අතගත් නටාශා දලාල් මුම්බායි නගරයේ මෝස්තර නිරූපණ ශිල්පිනියකි. නිව්යෝක් හි Fashion Institute of Technology (FIT) හි අධ්‍යාපනය ලබා නැවත 2013දි ඉන්දියාවට පැමිණ නටාශා දලාල් ලේබලය යටතේ තමන්ගේම නිර්මාණ නිවසක් ආරම්භකල ව්‍යවසායිකාවකි. ඇයගේ නිර්මාණ නිවස මනාලියන් හා මංගල කටයුතුසදහා විශේෂ්‍යත්වයක් දක්වයි.

කොවිඩ් වසංගත තත්වය නිසාම සාම්ප්‍රදායික හින්දු චාරිත්‍රානුකූලව මෙන්ම පව්ලේ අයට පමණක් සීමාවූ මොවුන් දෙදෙනාගේ විවාහ මංගලෝත්සවය පසුගිය ඉරිදා (24) අලිබර්ග් හි මැන්ශන් හවුස් නිවාඩු නිකේතනයේදි සිදුවිය. විවාහ පිළිබඳ සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිනුමේ සටහන් කරමින් වරුන් ධවන් කියා සිටියේ “ජීවිතකාලය පුරාවට නිල ආදරය හමුවිය” යනුවෙනි. 

Related posts

සයිෆ්-කරීනා පව්ලට ලගදීම අලුත් අමුත්තෙක්

Himal Samaranayake

බොලිවූඩයෙන් හොලිවුඩ් යන ශ්‍රී ලාංකික සුරූපිනිය

Himal Samaranayake

බ්ලැක් පැන්තර් සමුගනී

Himal Samaranayake

Leave a Comment