Worldwide

හොලිවුඩ් නලු ලිස්ටර් ජීවිතයෙන් සමුගනී

ලෝකය පුරා කොවිඩ් වසංගතය ඉතා දරුණු ලෙස මේ වට විටත් පැතිරයනවා. එයින් වැඩිම බලපෑමක් ඇතිවී ඇත්තේ ලෝක බලවතාවන ඇමරිකාවටයි. ඇමරිකාවේ දෛනිකව දහස්ගනන් ජනයා මියයමින් සිටී. ඒ අතර හොලිවුඩ් තරුවක්ද සිටිනබව වාර්තාවුනා. ඒ Tiny Lister Jr.

ටිනි හොලිවුඩ් රංගන ශිලිපියෙකු මෙන්ම ‍රෙස්ලිං ක්‍රීඩකයෙකුද වනවා. 1995 වසරේ ජනප්‍රිය හොලිවුඩ් නිර්මාණයක් වූ FRIDAY චිත්‍රපටයේ Deebo ලෙස ඔහු රංගනයෙන් එකතුවුනා.

මෙම රංගනශිල්පියා ටික කාලයක් කොරෝනා වෛරසය ආසාදනයෙන් ප්‍රතිකාර ලබාගත් බවත් ඉන් අනතුරුව සුව වී නිවසට පැමිණ ඇති බවත් සදහන්. නමුත් නැවත වරක් ඔහුට සංකූලතා මතුවූ බව ඔහුගේ කලමණාකරු පවසා සිටිනවා. කලමණාකරු පවසන පරිදි ඔහු බ්‍රහස්පතින්දා දහවල් නිවසේ සිහිසුන්ව සිටියදී සොයාගෙන තිබුණා. ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි වාර්තාවල සදහන් වන්නේ.

කෙසේ වෙතත් මෙම මරණය කොවිඩ් නිසාම සිදුවූවක්ද නැතිනම් වෙනයම් අනතුරක් හෝ ඝාතනයක්ද කියා මේවනවිට ලොස් ඇන්ජලීස් පොලීසිය පරීක්ශණ ආරම්භකර තිබෙනවා. කෙසේවෙතත් මරණයට තවමත් නිශ්චිත තොරතුරක් සදහන් කර නැහැ.

ලිස්ටර්ගේ සමකාලීන රංගන ශිල්පීන් රැසක් ඔහු වෙනුවෙන් ට්විටර් ඔස්සේ ශෝකය පලකර තිබෙනු දක්ස්නට ලැබුණා. ලිස්ටර් මියයනවිට 62වැනි වියේපසුවුනා.

Related posts

විජේ සේතුපති 800න් ඉවත් වෙයි.

Himal Samaranayake

බ්ලැක් පැන්තර් සමුගනී

Himal Samaranayake

සුශාන්ත්ගේ මරණය සියදිවි නසාගැනීමක්ද? ඝාතනයක්ද? පෙම්වතිය අත්අඩංගුවට

Himal Samaranayake

Leave a Comment