බොලිවූඩයේ ජනප්‍රිය නිලියක වන තමන්නා භාතියාටත් කොවිඩ් 19 රෝගය ආසාදනය වී ඇතිබව වාර්තාවනවා. අසනීප තත්වය පෙන්නුම් කිරීමෙන් අනතුරුව කල පරීක්ශන වලදී ඇය කොවිඩ් 19 රෝගියෙකු බව තහවුරු කරගත් බව වෛද්‍යවරුන් පවසනවා පසුගිය අගෝස්තු මාසයේදී ඇගේ දෙමාපියන් කොවිඩ් 19 රෝගයෙන් පෙලුනු අතර එනිසා ඇයව නිවෙස් නිරෝදායනයට යොමුකර තිබුණා. නමුත් නිරෝදායන කාලයෙන් පසුව ඇයට කොවිඩ් 19 රෝග ලක්ශණ නැති බවට තහවුරු වීම මත ඇය් නැවතත් ඇගේ දෛනික කාර්යන් වලට යොමුවී තිබෙනවා. කෙසේවෙතත් මේ දිනවල හයිද්‍රාබාද් නුවර රූගත වෙමින් පවතින ඇගේ නවත්ම වෙබ් නාට්‍යමාලාවේ රූගත කිරීම් අතරතුර රෝගලක්ෂණ පෙන්නුම් කිරීම නිසා ඇයව හයිද්‍රාබාද් නුවර පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබෙනවා. එහිදී ඇය් කොවිඩ් 19 රෝගියෙකු බව තහවුරු උනා. වයස 31 වන තමන්නා භාතියා 1989 වසරේ ඉන්දියාවේදී උපන්නියක්. වයස අවුරුදු 15 දී චන්ඩ් සා රොශන් චෙහ්රා චිත්‍රපටය හරහා ඇය සිනමාවට පිවිසියා. |

previous post
next post