MUSIC Social Media

දැන් ඉන්දුනීසියාවෙත් මට රසිකයන් ඉන්නවා

කාලෙකට කලින් ලංකාවේ ජනප්‍රිය ගායිකාවක් උන සුරනිද මෙල් ගැන ආයෙත් කතාබහ කරන්න පටන් අරන්. ඒ ඇයගේ පැරණි ගීතයක් නැවතත් කරලියට පැමිණීම නිසා. ඒ වසර 12කටකලින් ලංකාවේ චාට් ශෝ හැම එකකම වගේ උඩින්ම තිබුනු “ආඩම්බරයි බැලුවම නම්” ගීතයයි. හැබැයි මේ ගීතය මේ දවස් වල වඩා ජනප්‍රිය ශ්‍රී ලංකාවේ නම් නෙමෙයි. ඒ ඉන්දුනීසියාවේ.

ආඩම්බරයි බැලුවම නම් ගීතය නිර්මාණය වෙන්නේ 2008 අවුරුද්දෙදි. පද මාලාව ලියන්නේ වසන්ත දුක්ගන්නාරාල. සංගීතය නිර්මාණය කරන්නේ  ඉරාජ් වීරරත්න. ගායනා කරන්නේ සුරනිද මෙල්. සුරනිගේ ඒ වගේම මේ ගීතයේ රැප් කොටස ගායනා කරන්නේ කිලර් බී. සුරනිද මෙල්ගේ පලවෙනි ගීත ඇල්බමය වුන ආදරෙයි නම් ඇල්බම් එකේ ජනප්‍රියම ගීතය විදියට මේ ගීතය හදුන්වන්නත් පුළුවන්. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ප්‍රභල නොවුනු කාලයක රූපවාහිනි හා රේඩියෝ ගීත දර්ශකවල ඉහලින්ම වැජබෙන්නට මේ ගීතයට පුළුවන් උනා.

වසර 12කට පස්සේ මේ ගීතය ආයෙත් ඉන්දුනීසියානු රසිකයන් අතර සිංහල භශාවෙන්ම ජනප්‍රිය වෙලා තියෙනවා. ජ්‍යාත්‍යන්තරය ජයගත් පලමු සිංහල ගීතය නොවුනත් ඉන්දුනීසියානු රසික සමාජය සමග වාර්තාවුන පලවෙනි සිංහල ගීතය මේක වෙන්න පුළුවන්. ඉන්දුනීසියානු රාත්‍රී සමාජ ශාලාවක ඩීජේ ආටිස්ට් කෙනෙක් තමයි තමන්ගේ ගීත ගොන්නට මේ ගීතය එක්කරගෙන තියෙන්නේ. එතනින් රසිකයන් අතරට යන මේ ගීතය මේ වන විට එරට ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා වඩාත් ජනප්‍රියයි. ඒ වගේම යූටියුබ් කවර්ස් ගොන්නක් මේ ගීතයට එකතුවෙලා තියෙනවා. ඒ වගේම ආඩම්බරයි චැලේන්ජ් ලෙස ඔවුන් වෙනම ටික්ටොක් රැල්ලක්ද නිර්මාණය කරගෙන යන්නට පටන් අරන් තිබෙනවා

මේ ජනප්‍රියත්වය ගැන සුරනි පසුගියදා සරසවිය පුවත්පත සමග අදහස් දක්වා තිබුණා. එහි අදහස් දක්වමින් ගීතය නිර්මාණය කරන්නට ඉරාජ්ට මාස 9ක කාලයක් ගතවුනු බවත් වසර 12කට පසු මෙලෙස ජනප්‍රියත්වයට පත්වීම ගැන තමා වඩාත් සතුටට පත්වන බවත් ඇය සදහන් කර තිබුණා. මේ වන විට ඇයට ඉන්දුනීසියානු රසිකයන් පවා සිටින බවත් ඔවුන්ගේ ප්‍රතිචාර නිසා වඩා සතුටට පත්වන බවත් ඇය සදහන් කරනවා.

Related posts

Trending ආ කලුකුමාරයා

Himal Samaranayake

බණ්ඩාරවෙලදී මොකද උනේ ? ශලනි පැහැදිලි කරයි

Himal Samaranayake

The Voice නොවැම්බරයේ සිට ?

Himal Samaranayake

Leave a Comment