මෙරට ටෙලිවිෂන් රියැලිටි කලාවට ජ්‍යාත්‍යන්තර සලකුණක් රැගෙන එමින් ආරම්භ කල ද වොයිස් ටීන් පසුගියදා නිමා වුනේ ගම්පහින් තරග කල හශේන් දුලන්ජනට ජයග්‍රහනය හිමි කර දෙමිනි. එම තරගාවලිය රටපුරා ජනප්‍රිය වූවා සේම එහි තරගකල බොහෝ තරගකරුවන්ට ඉහල ප්‍රේක්ෂක ආකර්ශණයක් ලැබුනු අතර එම නව යොවුන් වියේ දරුවන් අද විශාල ප්‍රේක්ෂකාගාරයකට ගී ගයමින් ඉතාම ලාබාල වියේදී තමාගේ සිහින සැබෑකරගනිමින් සිටී. එහි තරගකල බොහෝ තරගකරුවන් මේ වනවිට තමන්ගේම කියා ගීතද එලිදක්වා තිබීම විශේෂ්‍යත්වයක්. ඒ අතර වඩා කැපී පෙනුනු තරගයේ මැද දී ඉවත් වන්නට සිදුවූ සහන්ගි  හංසාංජලී මෙන්ම හනාසෆාද තමන්ගේම සංගීත ආරකට එයට ආකර්ශණය වූ ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කරගෙන තිබේ. ඊට අමතරව ආදිත්‍යා වැලිවත්ත, හශේන් දුලංජන ඇතුලු කිහිපදෙනෙකුම තමාගෙ ගීත එලිදක්වා තිබේ. ඒ සිරස ද වොයිස්ටීන් හි සාර්ථකතවය මනාවට කියාපාමින්. 

වොයිස්ටීන් තරගාවලිය යනු ලෝකයේ සුප්‍රකට වොයිස් තරගාවලියේ අනු තරාගවලියකි. සිරස ටීවී විසින් ද වොයිස් සමග එක්ව එහි ප්‍රධාන තරගාවලිය වන වොයිස් තරගාවලිය පවත්වන්නට සූදානම් බව වාර්ථාවනවා. බොහෝදුරට එම තරගාවලිය එලැබෙන නොවැම්බරයේ ආරම්භ වනුඇතැයි සදහන්. වොයිස් ටීන් තරගාවලියේ මෙන්ම මෙම තරගාවලියේද වැඩිම ප්‍රේක්ෂක ආකර්ශණයක් දිනාගන්නා ගායනයන් ද වොයිස් ග්ලෝබල් සන්නාමය යටතේ ලෝකයේම ප්‍රේක්ෂකයාට ඇසෙන්නට විකාශණය වෙනවා. එය නවක ගායකගායිකාවන්ට සිය දක්ශතාවය ලෝකයකට ගෙනයන්නට විශාල අවස්ථාවක්.

ද වොයිස් ටීන් තරගාවලියේ පූරකවරිය ලෙස කටයුතුකල ස්ටෙෆනි සිරිවර්ධනම මෙම තරගාවලියෙත් පූරකවරිය ලෙස කටයුතු කරනු ඇතැයි වාර්ථාවනවා. ද වොයිස් ටීන් තරගාවලියේ විනිසුරු මඩුල්ල ලෙස කටයුතු කලේ අශාන්ති අල්විස්, රයිනි චාරුකා ගුණතිලක, දුමාල් වර්ණකුලසූරිය හා සනුක වික්‍රමසිංහයි. නමුත් තවමත් ද වොයිස් තරගාවලියේ විනිසුරු මණ්ඩලය ප්‍රසිද්ධ කර නැහැ. නමුත් සමාජ මාධ්‍ය තුල සංසරණය වන ඇතැම් පුවත් මගින් මෙරට ප්‍රසිද්ධ ගායකගායිකාවන්ගේ නම් කියැවුනත් සිරස ආයතනය විසින් තවමත් නිල වශයෙන් ඔවුන්ව ප්‍රසිද්ධ කර නැහැ.  

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *