2020 sinhala movies
Helawood MOVIE

කොරෝනා මැද රිදී තිරයට ආ 2020 සිංහල චිත්‍රපට

2020 අවුරුද්ද කොරෝනා වසංගත ව්‍යාප්තිය සමග ලෝකය පුරාම සිනමාව කඩාගෙන වැටුනු අවුරුද්දක් බවටපත්වුනා. ඒ වගේම සිනමා ශාලා අභිබවා ලෝකය පුරා විකල්ප ක්‍රම වඩාත් ජනප්‍රිය වුන අවුරුද්දක් බවට මේ අවුරුද්ද පත්වුනා. මේ අර්බුධ හමුවේ 2020 වර්ශයේ තිරගත වුනු චිත්‍රපට ගැනයි මේ අවදානය. 

සුනාමි

2020 වර්ශයේ මුලින්ම චිත්‍රපටයක් තිරගතවීම ආරම්භ කරන්නේ. සුනාමි චිත්‍රපටය එක්ක ඒ 2020 ජනවාරි 16 වනදා. ඩිසාස්ටර් ඩ්‍රාමා කියන කැටගරි එකට අදාලව තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. සුනාමි කේදවාචකයේ අතුරු කතාවක් පදනම් කරගනිමින් මේ චිත්‍රපටය රිදී තිරයට එනවා. අධ්‍යක්ශණය කරන්නේ සෝමරත්න දිසානායක ප්‍රවීන සිනමා අධ්‍යක්ශකවරයා. ඒ වගේම නිරංජනී සම්මුගරාජා, දර්ශන් ධර්මරාජ්, හිමාලි සයුරංගි, බිමල් ජයකොඩි, ගිරිරාජ් කෞශල්‍යය, කුමාර තිරිමාදුර වැනි ප්‍රවීන රංගනශිල්පීන් ගනනාවක් මෙහි රංගනයෙන් දායක වෙනවා. 

නිම් හිම්

මිචෙල් ෆොන්සේකා අධ්‍යක්ශණය කල නිම් හිම් චිත්‍රපටය පෙබරවාරි 6වනදා සිට තිරගත වීම ආරම්භ වෙනවා. රොමෑන්ටික් ඩ්‍රාමා කැටගරි එක මත රිදී තිරයට එන මේ චිත්‍රපටයේ ගංගු රොශානා, මිලින්ද මඩුගල්ල, ජනක් ප්‍රේමලාල්, කුමාරි මුනසිංහ, ඩබ්ලිව් ජයසිරි,ගිහාන් ප්‍රනාන්දු, සම්පත් තෙන්නකෝන්, හා රොශාන් පිලපිටිය මෙහි රංගනයෙන් එකතුවෙනවා. 

ද හෝන්

වසරේ රිදී තිරයට ආ තුන්වන චිත්‍රපටය වන්නේ ද හෝන් චිත්‍රපටයයි. ප්‍රේක්ෂකයාට ත්‍රාසජනක අද්දැකීමක් දෙන්නට සමත්වුනු චිත්‍රපටයක් ලෙස මේ චිත්‍රපටය හදින්වන්න පුළුවන්. හොරර් ගණයට අයත් මේ චිත්‍රපටය අධ්‍යක්ශණය කරන්නේ සමීර වක්වැල්ල විසින්. කල්හාර වක්වැල්ල, ටීනා ශෙනෙල් ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, ක්‍රිස්‍ටියන් ගුණවර්ධන, හා රොශාන් පිලපිටිය මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය පෙබරවාරි 7වනදා රිදී තිරයට එකතුවෙනවා. 

සුපර්ණා

මීලගට රිදී තිරයට එන චිත්‍රපටය සුපර්ණා චිත්‍රපටයයි. ප්‍රේක්ශකයාට වෙනස් අද්දැකීමක් දෙන්නට සමත්වූ මෙම චිත්‍රපටය ෆැන්ටසි ත්‍රිලර් ගනයට අයත්. සුපර්ණා අධ්‍යක්ශණය කරන්නේ සුජීව ප්‍රියලාල් යද්දෙනිය විසින්. දුලීකා මාරපන, ඩිනක්ශි ප්‍රියසාද්, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, ජනක් ප්‍රේමලාල්, වීනා ජයකොඩි, කලන ගුණසේකර, හා විල්සන් ගුණරත්න මෙහි රංගනයෙන් දායක වෙනවා. පෙබරවාරි 14 වනදා මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයා වෙත මුදාහැරුනා. 

සේදමාවත

හර්ශ උඩකන්ද අධ්‍යක්ශණය කල සේදමාවත චිත්‍රපටය පෙබරවාරි 20වනදා රිදී තිරයට එකතුවුනා. ඇක්ශන් ත්‍රිලර් ගනයට අයත් මේ චිත්‍රපටයේ අනුජ් රණසිංහ, දමිතා අබේරත්න, හර්ශි අංජුමාලා, තුසිත රණවීර, ක්ලීටස් මෙන්ඩිස්, රයන් වැන් රෝයන්  රංගනයෙන් එකතුවෙනවා.

ඊතලය

මාර්තු 5 වනදා ඇක්ශන් ත්‍රිලර් ගනයට අයත් ඊතලය චිත්‍රපටය තිරගත වීම ආරම්භ උනා. එය අධ්‍යක්ශණය කර තිබුනේ. නාලක විතානගේ විසින්. කැලුම් ආර්යන්, රෙක්ස් කොඩිප්පිලි, ශ්‍යාම් ප්‍රනාන්දු, ගයත්‍රි ඩයස්, ශෙහානි පෙරේරා, චමතකා ලක්මිනි හා ධර්මප්‍රිය ඩයස් මෙහි රංගනයෙන් එකතුවෙනවා. 

ඇවිලෙනසුලුයි

ඉන්පසු තිරගත වූ චිත්‍රපට කිහිපය පිළිබඳ ප්‍රේක්ෂකයා වැඩිපුර කතාබහ කරන්න වුනා. මාර්තු 13 වනදා රිදී තිරයට ආ චින්තන ධර්මදාසගේ ඇවිලෙනසුලුයි චිත්‍රපටය ප්‍රේක්ෂකයා අතර තවමත් කතාබහක පවතිනවා. පිසිකලොජිකල් ත්‍රිලර් ගනයට අයත් වෙනස් ආරක චිත්‍රපටයක් වන මෙහි ශ්‍යාම් ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා, හේමසිරි ලියනගේ, කුමාර තිරිමාදුර, ප්‍රියන්ත සිසිරකුමාර රංගනයෙන් එකතුවෙනවා. තිරගත කර දින කිහිපයකට පසු කොවිඩ් වසංගතය නිසා නවතා දැමුවද පලමු කොරෝනා රැල්ලෙන් පසුව තිරයට ආ පලමු චිත්‍රපටය මෙයයි.

ද නිව්ස් පේපර්

තවමත් ප්‍රේක්ෂකයා කතාබහකරන චිත්‍රපටයක් වන ද නිව්ස් පේපර් තිරගතවීම අරම්භ වන්නේ ජූලි 3 වනදා සිටයි. සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර සුසංයෝගය මේ චිත්‍රපටය අධ්‍යක්ශණය කරනු ලබනවා. ඒ වගේම සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, ධර්මප්‍රිය ඩයස්, මාශි සිරිවර්ධන, ගිහාන් ප්‍රනාන්දු, ශ්‍යාම් ප්‍රනාන්දු මෙහි රංගනයෙන් එකතුවෙනවා. 

සූස්ති

ඩ්‍රාමා කැටගරි එකට අයත් සූස්ති චිත්‍රපටය නිර්මාණය වන්නේ කුශාන් වීරරත්නගේ අධ්‍යක්ශණයක් ලෙසින්. මේ චිත්‍රපටය ජූලි 17 වනදා රිදී තිරයට එනවා. කලන ගුණසේකර, සමනලී ෆොන්සේකා, ඩබ්ලිව් ජයසිරි, මොරීන් චාරුනී, ඩිස්නි රාජපක්ෂ මෙහි රංගනයෙන් එකතුවෙනවා. සමනලී – කලන සුසංයෝගය පිළිබඳ නැවත සිංහල සිනමා ප්‍රේක්ෂකයාට මතක්කරදුන් චිත්‍රපටයක් ලෙස මේ චිත්‍රපටය හදුන්වන්නට පුළුවන්.

ශහීනා

චන්දන එදිරිසිංහ හා පූජිත ගුණතිලක අධ්‍යක්ශණය කල ශහීනා මීලගට තිරයට ආ චිත්‍රපටයයි. ක්‍රයිම් ඩිටෙක්ටිව් ගණයට අයත් මෙය මුලින්ම තිරගත වන්නේ අගෝස්තු 21 වනදායි. දිනෙත් ද සිල්වා, අමන්දා සිල්වා,අනුජ් රණසිංහ, ජීවන් කුමාරතුංග, වීනා ජයකොඩි, රොහාන් විජේතුංග මෙහි රංගනයෙන් එකතුවෙනවා. 

පාංශු

වසරේ තිරගත වූ හොදම චිත්‍රපටය ලෙස හදුන්වනට පුළුවන් චිත්‍රපටය වන්නේ පාංශු චිත්‍රපටයයි. එය අගෝස්තු 21 වනදා රිදී තිරයට එකතුවුනා. 88/89 භීශන සමයේ අතුරු කතාවක් පාදක කරගනිමින් මේ චිත්‍රපටය නිර්මාණය වී තිබුණා. ලෝකයේ සම්මාන උලෙල කිහිපයකදීම මේ නිර්මාණය සම්මානනීය වී තිබීම විශේෂ්‍යත්වයක්. ඒ අතර ප්‍රංශ සම්මාන උලෙලකදී වීනා ජයකොඩි හොදම නිලිය ලෙසත්, ඇමරිකානු සම්මාන උලෙලකදී ශේවියර් කණිෂ්ක හොදම සහය නලුවා ලෙසත් සම්මාන ලබාගත්තා. වීනා ජයකොඩි, නදී කම්මැල්ලවීර, ජගත් මනුවරණ, ශේවියට් කණිෂ්ක, නිල්මිණි බුවනෙක, ග්‍රේස් ආරියවිමල් මෙහි රංගනයෙන් එකතුවනවා. 

රූකඩ පැංචි

මින්පසු තිරගත වීම ආරම්භ කල චිත්‍රපට 2ම කොරෝනා දෙවන රැල්ල නිසා අතරමග නවතා දැමුනා.
ඒ අතර වින්දන හා කල්පන ආරියවංශ සහෝදරයන් විසින් නිර්මාණය කල රූකඩ පැංචි චිත්‍රපටය වසරේ නිර්මාණය වුනු ලමා චිත්‍රපටයයි. එය සැප්තැම්බර් 24වනදා තිරගත වීම ආරම්භ වුනා. නිලි රැජින මාලනී ෆොන්සේකා සිනමා පව්ලේ තුන්වන පරම්පරාව ආරම්භ කරමින් කුශේන්‍යා ෆොන්සේකා ලමා නිලියක ලෙස මෙහි ප්‍රධාන චරිතය නිරූපනය කරනවා. ඇයට අමතරව ජැක්සන් අන්තනී, ලක්ශික දේශාන්, උමාලි තිලකරත්න, ධනංජය සිරිවර්ධන, දිල්හානි ඒකනායක හා නිලි රැජින මාලනී ෆොන්සේකා මෙහි රංගනයෙන් එකතුවෙනවා. 

මිස් ජෙනිස්

වසරේ තිරගතවීම ආරම්භ කල අවසාන චිත්‍රපටය වන්නේ මිස් ජෙනිස් චිත්‍රපටයයි. මිස් ජෙනිස් චිත්‍රපටය අප අතරින් වියෝවූ ප්‍රවීන රංගනශිල්පී ජයලත් මනෝරත්නයන්ගේ ප්‍රභල රංගනයක් සහිත වීමත් විශේෂ්‍යත්වයක්. සුසිරන් ද සිලවා මෙය අධ්‍යක්ශණය කල අතර මෙය හාස්‍යෝත්පාදක ගණයට අයත් චිත්‍රපටයක්.  ජයලත් මනෝරත්න, ගිරිරාජ් කෞශල්‍යය, දුලීකා මාරපන, රොශාන් රනවන, ජයලාල් රෝහන, උදාරි පෙරේරා, කුමාර තිරිමාදුර මෙහි රංගනයෙන් එකතුවෙනවා. 


කොවිඩ් තත්වය නිසා දෙවතාවක්ම මේ වසරේදී සිනමා ශාලා වසා දැමුනා මේ නිසාම මේ වසරේ තිරගත වන්නේ චිත්‍රපට 13ක් පමණයි. මේ වසරේ තිරගත වීමට නියමිත චිත්‍රපට ගනනාවක්ම 2021 වසර දක්වා කල්දැමුනා. එම චිත්‍රපට සියල්ල 2021 වසරේ තිරගතවනු ඇති. 

Related posts

සාරංග දිනක්ශි යුග දිවියට

Himal Samaranayake

රතු හැට්ටකාරී දිවිගමනට සමු දෙයි

Himal Samaranayake

ආනන්ද ෆොන්සේකා දිවිගමන නිමා කරයි.

Himal Samaranayake

Leave a Comment