ප්‍රඵම වතාවට පැවති හොලිවුඩ් වීනස් ජගත් සිනමා උලෙළේ කෙටි චිත්‍රපට අංශයේ හොඳම නලුවාට හිමි සම්මානය දිනා ගැනිමට ශ්‍රි ලංකීය රංගන ශිල්පී ශාම් ප්‍රනාන්දුට හැකි විය.චතුර ප්‍රරනාන්දු අඩ්‍යක්ෂණය කළ ‘one blood’ කෙටි චිත්‍රපටයේ ප්‍රධාන රංගනය ඉදිරිපත් කිරිම වෙනුවෙන් ශාම්ට මෙම හොලිවුඩ් සම්මානය හිමි විය.රටවල් සියයකට අඪික ප්‍රමාණයකින් කෙටි චිත්‍රපට 1000ක් මෙම සම්මාන උළෙල සදහා ඉදිරිපත් කර තිබිම ව්ශේශිත සිදුවිමක් විය.          චතුර ප්‍රනාන්දු විසින් මෙහි පිටපත ලියා චිත්‍රපටය අඩ්‍යක්ෂණය කර ඇත.පිය-පුතු සබඳතා ගැන කියැවෙන කතා තේමාවක් ඔස්සේ මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇත. ශ්‍රී ලංකාවේ පැවති ජැෆ්නා ෆිල්ම් ෆෙස්ටිවල්, ඇජේන්ඩා ෆිල්ම් ෆෙස්ටිවල් හා ලන්ඩන් ෆිල්ම් ෆෙස්ටිවල් වලදි ද අවසාන වටය සදහා පැමිණිමට ‘one blood’ චිත්‍රපටයට අවස්ථාව ලැබිණී.       

මෙහි ශාම්ගේ චරිතයේ තිබු ප්‍රබලතාවය නිසාම හොඳම නලුවාට හිම් සම්මානය ඔහු සතු විය.ශාම් සමග මෙම චිත්‍රපටයේ චරින්ද්‍ර චන්ද්‍රසේන,චමිරු පෙරේරා රංගනයෙන් දායක වී ඇත.සචින් බුද්දික සහ විමුක්ති සෝලංගආරච්චී මෙම චිත්‍රපටයේ කැමරාකරණයෙන් දායක වී ඇති අතර සංගීතය හංස ප්‍රනාන්දුගෙනි.විමුක්ති සෝලංගආරච්චී සංස්කරණයෙන්,ඩිලානි ලියනගේ තේමා ගායනයෙන්ද දායක වු ‘ one blood’ ප්‍රභාත් අගම්පොඩි නිෂ්පාදනයෙන් දායක වී ඇත.                 හොලිවුඩ් වීනස් ජගත් සම්මාන උළෙල නියෝජනය කරමින් ශාම් ජාත්‍යන්තර සම්මානය ශ්‍රී ලංකිය නලුවෙකු ලබාගත් ඉහළම දක්ෂතාවක් ලෙස හදුන්වා දිය හැකිය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *