21.1 C
Sri Lanka
Friday, Jul 23, 2021
The Popcorns
Image default
TV SHOW

පොදු අවසානය තාම කාටවත් හිතාගන්න බෑ – ශර්මිලා

කොරෝනා වසංගතයත් සමග රටපුරාම සිනමාශාලා වැසියාමත් සමග සිනමා ප්‍රේක්ෂකයාට සිය කලාමණ්ඩපය බවට පත්වුනේ ටෙලිවිශනයයි. ඒකාකාරී ටෙලිනාට්‍ය අද්දැකීම නිසාම ඇතමුන් Netflix වැනි විකල්ප මාධ්‍යද භාවිතාකරන්න වැඩිවශයෙන් පෙලබුණා. මේ අතර දෙරණ නාලිකාව මගින් වෙනස් ආකාරයක ටෙලිවිෂන් අද්දැකීමක් ප්‍රේක්ෂකයාට ලබාදෙන්නට සමත්වී තිබුණා. ඒ “පොදු”. පොදු නාට්‍ය අධ්‍යක්ශණය කරන්නේ දෙරණ නාලිකාවට නැතුවම බැරි චරිතයක් වන ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා විසින්. මේ පිළිබඳ ශර්මිලා සරසවිය පුවපතට අදහස් දක්වා තිබුණා.

“දෙරණ නාලිකාව කියන්නේ කොහොමත් වෙනස් දේවල් කරන නාලිකාවක්. අපේ දීර්ඝ නාට්‍ය තියනවා.ඒවා ගොඩක් ජනප්‍රියයි. ඉතින් අපිට ඕන උනා වෙනස් විදියක වැඩක් කරන්න. රූගත කිරීමේ ශෛලිය, නලු නිලියන්, සංගීතය නර්ථනය මේ සියල්ල වෙනස් විදියකට කරන්න අවශ්‍ය උනා. එහෙම හිතලා කරපු වෙනස් වැඩක් තමයි පොදු කියන්නේ.

පොදු කියන්නේ මගේ අදහසක්. මමයි හිතුවේ මේ වැඩේ මෙහෙම කරන්න ඕන කියලා. මම දෙරනේ අවුරුදු 15ක් වැඩ කරනවා. මට දීර්ඝ පිටපතක් ලියන්න අවස්තාවක් ආවේ නෑ. නමුත් කොරෝනා කාලේ මට නාට්‍යක් ලියන්න වෙලාවක් ලැබුණා. මම මෙහෙම වැඩක් කරමුද කියලා උපසභාපති ලක්සිරි වික්‍රමගේ මහත්තයටයි, විධායක අධ්‍යක්ශක මාධව මඩවල මහත්තයටයි. යෝජනනා කරා. ඊට පස්සේ තමයි ධම්මික විජේවික්‍රම, සුදේෂ් උදයකුමාර අපි තුන්දෙනා එකතුවෙලා මේක ලිව්වේ. ” එහෙම තමයි මේ කතාවේ නිර්මාණකාරිනිය වෙන ශර්මිලා කතාව ගැනකියන්නේ.

මේ කතාවට අලුත් චරිත ගොඩක් ඉන්නවා ප්‍රධාන චරිතයවෙන ලහිරුනී සල්වතුරශේෂ්ත්‍රයට අලුත්. ‍රයිගම් ටෙලි සම්මාන උලෙලේ වසරේ නැගී එන නලුවා වූ රන්දික ගුණතිලක මනෝජා ප්‍රනාන්දු වගේ ශේෂ්ත්‍රයේ නවක අතිදක්ශයන් මේ නිර්මාණයට යොදාගෙන තිබෙනවා. ඒ වගේම මෑතකාලීනව ටෙලි තිරය ඔස්සේ වඩා කතාබහකට ලක්වුනු කලණ ගුණසේකර මේ කතාවේ දුශ්ඨයා විදියට එකතුවෙනවා. ප්‍රවීන නලු නිලියන් වන ප්‍රියන්ත සිසිරකුමාර, රසාදරී පීරිස්, ගයනි ගිසන්තිකා ඇතුලු කීපදෙනෙක්ම මේ කතාවේ දකින්න පුළුවන්. ඊට අමතරව ප්‍රවීන මාධ්‍යවේදිනියක වන තනූජා ජයවර්ධනත් මේ කතාවේ ඉන්නවා. මේ ව්න විට මේකතාවේ අවසානයට ඇවිත්. කොටස් 10ක කතාවක් වන පොදු මේවනවිට කොටස් 8ක් විකාශය වෙලා අවසන්. තවත් කොටස් 2ක් පමණයි විකාශණය වෙන්න තියෙන්නේ.

අවසානය තාම කාටවත් හිතාගන්න බෑ

මේ කතාවේ අවසානය ගැන සරසවිය මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්ණයට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ මෙය සිතාගත නොහැකි වෙනස් අන්දමකින් අවසන් කරන්නට තමා පොරොන්දුවන බව ඇය කියා සිටියා. දීර්ඝ ටෙලිනාට්‍ය මත හෙම්බත්වී සිටින ප්‍රේක්ෂකයාට වෙනස් වූ අද්දැකීමක් ලබාදෙන්නට මේ නාට්‍යට හැකිවිය. එනිසාම ප්‍රේක්ෂකයා වැඩිවශයෙන් මේ කතාව වටා ගොනු වෙන්නට විය. කෙසේ වෙතත් මේ කතාවේ අවසානය මේ සතිඅන්තයේ නරබන්නට පුළුවන්.

Related posts

ටෙලි තිරය අරුත්ගැන්වූ ගිරිදේවිය නික්ම යයි.

Himal Samaranayake

25 වන සුමති සම්මාන මාධ්‍ය දැක්ම හා නිර්දේශිත නාම (වීඩියෝ සහිතයි)

Himal Samaranayake

ගිරිදේවිය ගැන ශලනිගේ අවසන් සටහන

Himal Samaranayake

Leave a Comment