ජාතියේ ටෙලි සම්මාන උලෙළ ලෙස හැදින්වෙන රයිගම් සිනමා සම්මාන උලෙළ අද කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශයේදී මීට සුලු මොහොතකට පෙර නිමාව දුටුවා. ඒ 2019 වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය මාධ්‍ය වැඩසටහන් හා ජනප්‍රිය ටෙලිනාට්‍ය නිර්මාණය හා කලාකරුවන්ට සම්මාන ලබාදෙමින්.

මෙහිදී විශේෂ සිදුවීම් කිහිපයක් සිදු වුනත් වඩාත්ම කැපීපෙනන අවස්ථාව ලෙස ශලනි තාරකා විසින් දිනාගත් සම්මාන දිත්වය හදුන්වන්න පුළුවන්. ඒ ජනප්‍රිය නිලිය හා හොදම නිලියට හිමි සම්මාන දිත්වය දිනාගැනීමයි. ඒ රයිගම් ඉතිහාසයේ එවන් දක්ශතාවයක් දැක්වූ පලමු අවස්ථාව ලෙසයි එය සටහන් වූයේ. රයිගම් සම්මාන උලෙලකදී එවන් දක්ශතාවය පලමුවතාවට වූවත් ශ්‍රී ලංකා ටෙලි ඉතිහාසයේ එවන් දක්ශතාවය දැක්වූ දෙවන අවස්ථාව ලෙස එය ඉතිහාසගතවුනා.

මීට පෙර 1995 වසරේදී සුමති සම්මාන උලෙළහිදී ප්‍රවීන නිලි චාන්දනී සෙනෙවිරත්න මහත්මිය විසින් එම වාර්ථාව පිහිටුවා තිබුණා. වසර 24 කට පසු ශලනි තාරකා අලුත්කලේ එම වාර්ථාවයි. මේ දිනවල තිරගතවන ගිරිදේවී, අග්නි පියාපත්, සිහිනගේන කුමාරියේ ආදී ටෙලිනාට්‍ය කිහිපයක රංගනය වෙනුවෙන් ප්‍රේක්ෂකයා ඇයව ජනප්‍රියම නිලිය ලෙස සම්මාන ගැන්වූ අතර සිරස ටීවි ඔස්සේ විකාශණය වූ අඩෝ ටෙලිනාට්‍යයේ කමනිගේ චරිතය වෙනුවෙන් විනිශ්චය මණ්ඩලය විසින් අයව හොදම නිලිය ලෙස සම්මානයට පාත්‍රකරනු ලැබුවා. හොදම නිලියට හිමි සම්මානය ඇයට ලැබෙන්නේ අවස්ථා 7 කදී ඒ සදහා නිර්දේශ වීමෙන් අනතුරුව වීම විශේෂ්‍යත්වයක්.

සිරස මාධ්‍ය ආයතනයේ සිරස කුමරිය ලෙස අභිශේක ගැන්වෙමින් මෙරටකලාවට පිවිසි ඇය විවිධ ටෙලිනාට්‍ය ඔස්සේ විවිධ ටෙලි නාලිකා ඔස්සේ ප්‍රේක්ෂකයා අතරට පැමිණියා. බොහෝ අවස්ථාවල මෙරට සිනමා හා ටෙලි සම්මාන උළෙල වලදී ජනප්‍රියම නිලිය වීමට සමත් වුනා. කෙමෙන් කෙමෙන් ඇගේ කලාගමන ගමන්ගත් ඇය මේවන විට මෙරට ප්‍රවීන නිලිය ගොන්න අතර තමාගේ නම සටහන් කරගැනීමට සමත් වුනා.

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *