කොවිඩ් 19 වසංගත ව්‍යාපෘතිය සමග මෙරට සිනමා හල් වැසීගියා. මෙරට සෞඛ්‍ය අංශ ,ආරක්ශක හමුදා ඇතුලු බොහෝ දෙනාගේ කැපවීම මත විශ්මිත ලෙස මෙරට කොවිඩ් 19 පාලනය කරගැනීමට හැකියාව ලැබී තිබෙනවා. කොරෝනා උවදුරු සමයේ මිනිසාගේ මනසේ ඇතිවූ දුක ශෝකය සොම්නසක් බවට පත් කිරීමටත් කොවිඩ් 19 නිසා ප්‍රේක්ෂකයා හා කලාකරුවන් අතර ඇතිවූ දුරස්ථභාවය යලි එක් කරගැනීමටත් මෙරට සිනමා ප්‍රේක්ෂකයාට නැවුම් අද්දැකීමක් තිලිණ කිරීමටත් මේ දිනවල කොළඹ ලිබර්ටි සිනමා ශාලාවේ සිනමා ශාලාවේ සිනමා සොම්නස නමින් චිත්‍රපට උලෙලක් සංවිධානය කර තිබෙනවා.

සංවිධානය


මෙම චිත්‍රපටය සංවිධානය වන්නේ ස්කෝප් සිනමා ආයතනයත් සරසවිය පුවත්පත ඇතුලු ආයතන කිහිපයක ප්‍රධානත්වයෙන්. පෙර සිටම සිංහල සිනමාවේ උන්නතියට දායක වුනු මෙම ආයතන මේ කොරෝනා අර්බුදයෙන් පසුවත් සිනමාව යලි ගොඩගැනීමේ කර්තව්‍යයට දායක වීමට සිනමා ප්‍රේක්ෂකයා වශයෙන් අප ස්තූතිවන්ත විය යුතුය.

විකාශණය වන චිත්‍රපට


ප්‍රේක්ෂකයා බොහෝ සෙයින් බලාපොරොත්තු තබා සිටි චිත්‍රපට රැසක් මෙහි විකාශණය වීමට නියමිතයි. ඒ වා නම්

සැප්තැම්බර් 4 – මිදුනු විශ්වය (ජයන්ත චන්ද්‍රසිරි )
සැප්තැම්බර් 5 – කතුරු මිතුරු ( ගිරිරාජ් කෞශල්‍යය )
සැප්තැම්බර් 6 – යුගාත්‍රා ( චන්න පෙරේරා)
සැප්තැම්බර් 7 – මිස් ජෙනිස් ( සුසිරන් ද සිල්වා )
සැප්තැම්බර් 8 – ගින්දරී 3 ( උදයකාන්ත වර්ණසූරිය )

ඒ ඒ චිත්‍රපට විකාශයවන දිනයන්ට ඒ ඒ චිත්‍රපට වලට අදාල චරිත නිරූපනය කරන රංගන ශිල්පීන්ද ලිබර්ටි සිනමා ශාලවට පැමිණීමට නියමිතයි. සෑම චිත්‍රපටයක්ම දිනකට දර්ශණ වාර 3ක් තිරගත වීමට නියමිතයි. ඒ 10.30, 2.30, හා 7.00 ලෙසටයි.

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *