කලාලෝකයේ ජනප්‍රියම තරු යුවලක් වන සාරංග දිසාසේකර හා දිනක්ශි ප්‍රියසාද්ගේ ආදරය මේවන විට රසිකයන්ට අලුත් ආරංචියක් නොවේ. අගෝස්තු 28 වනදා ඔවුන්ගේ විවාහය සිදුවන්නට නියමිත බවයි මේ වනවිට කලා ලෝකයෙන් තොරතුරු වාර්ථා වන්නේ.

සාරංග දිසාසේකර යන ප්‍රවීන ගුවන්විදුලි නිවේදිකා තිලකා රණසිංහගේ හා ගායන ශිල්පී නාරද දිසාසේකරගේ පුත්‍රයා වන අතර ඔහු මීට පෙර නව පරපුරේ ප්‍රවීන රංගන ශිල්පිනියක් වන උමාලි තිලකරත්න සමග විවාහ වී පසු කාලීනව වෙන්වුනා. දිනක්ශි ප්‍රියසාද් යනු මෙරට ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ශක වරයෙකු වූ දිනේශ් ප්‍රියසාද්ගේ වැඩිමහල් දියණියයි. දිනක්ශිගේ සහෝදරියන් දෙදෙනාද මෙරට ප්‍රකට රංගන ශිල්පිනියන්. එනිසා මෙය කලා ලෝකයේ තරු පවුල් දෙකක් අතර විවාහයක් බව කිවහැකිය.

විවාහයට පෙර චාරිත්‍රානුකූල ලෙස මනාලියගේ නිවසට සාරංගගේ පැමිණීම පසුගියදා සිදුවූ බවට ආරංචි උනා. එය එහිසිටි පිරිස් මෙන්ම සාරංග දිසාසේකරද සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව පෙන්වා තිබෙනු දක්නට ලැබුණා. මෙම අවස්ථාවට ගිවන්ත අර්ථසාද් වැනි ප්‍රවීන සිනමා චරිතද එක්ව සිටිනු අපට දක්නට ලැබුණා

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *