ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ජනකාන්ත රංගන ශිල්පීන් යුවලක් වන සාරංග දිසාසේකර හා දිනක්ශි ප්‍රියසාද් ඊයේ යුග දිවියට එලබුනා .

ලංකාවේ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ශකවරයෙකුවන  දිනේශ් ප්‍රියසාද් මහතාගේ වැඩිමහල් දියණිය වන දිනක්ශි ප්‍රියසාද් මෙරට ටෙලිනාට්‍ය ශේෂ්ත්‍රගේ ඉතාම ජනප්‍රියත්වයට පත්වූ රංගන ශිල්පිනියක්. එපමනක් නොව සිනමාවේද ඇය දකින්නට ලැබුණා. ඇගේ බාල සහෝදරියන් දෙදෙනාද රංගනගේ නිරන්තරයෙන් දකින්නට ලැබෙන චරිත. ඇගේ අත ගත්තේද ජනප්‍රිය රංගන ශිලිපියෙකු වගේම වර්ථමානයේ මෙරට ටෙලි තිරයට නැතුවම බැරි චරිතයක් වන සාරංග දිසාසේකරයි. ඔහු ප්‍රවීන ගුවන්විදුලි නිවේදිකා තිලකා රණසිංහ මහත්මියගේ පුත්‍රයායි.

කලා ලෝකයේ බොහෝ දෙනා බොහෝ කාලයක සිට ඔවුන්ගේ ආදර කතාව ගැන උනන්දුවක් දැක්වූවා. විශේශයෙන් සාරංග උමාලි විවාහය අවසන් වීම සමගම සාරංග දිනක්ශි ආදරයගැන රසික සමාජයේ බොහෝ කතාබහ ඇති උනා. සාරංගගේ රසිකයන් මෙන්ම දිනක්ශිගේ රසිකයන්ද එහි සත්‍ය අසත්‍යතාවය දැනගන්නට උත්සුක වූවත් ඔවුන් ඔවුන් මිතුරන් බව පමණක් සමාජයට ඒත්තුගන්වන්නට කටයුතු කලා. නමුත් පසුකාලිනව ඔවුන් ආදරවන්තයන් බව රසිකයන් ඉදිරියේ පිළිගැනීමට ඔවුන් දෙදෙනාම කටයුතු කරතිබුණා.

මෙම විවාහ මංගලෝත්සවයට කලා ලෝකයේ ප්‍රවීන මෙන්ම නවක තරු රැසක් එක්ව තිබුණා.  

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *