යෞවනයේ හදබැදි ගායකයා වන සනුක වික්‍රමසිංහගේ නවතම ගීතය මීට සුලු මොහොතකට පෙර යූටියුබ් නාලිකාව ඔස්සේ එලිදක්වා තිබුණා. බොහෝ දෙනා මේ ගීතය ඉක්මනින් එලිදක්වන තුරු බලාසිටියා. අවසන් සටන ලෙස මෙම ගීතය නම් කර ඇති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදර කතාවක් පාදක කරගනිමින් මෙහි කතාව නිර්මාණය කර තිබුණා. මෙහි පදරචනය ජනප්‍රිය සංගීත පද රචකයෙකු වන මනුරංග විජේසේකර විසින් රචිතයි. මීට පෙර මනුරංග විසින් සනුක වෙත ලියා තිබූ සරාගයේ ගීතයද අතිශයෙන් ජනප්‍රිය වුනා.

අවසන් සටන ගීතය තුල සරසවි පෙම්වතුන්  යුවලකයේ ආදරකතාවක් පාදක වනවා. පෙම්වතා විසින් පවත්වාගෙන යන අනියම් ඇසුරක් පෙම්වතියට හසුවීම නිසා ඔවුන්ගේ ප්‍රේමයට සිදුවන ඉරනම මෙහි දැක්වෙනවා. මෙහි රූපරචනය අධ්‍යක්ශණය කර ඇත්තේ තිසර ඉබුලාන විසිනි. කැමරාකරණය හසිත වර්ණසූරිය, සංස්කරණය චන්දන ප්‍රසන්න, කලා අධ්‍යක්ශණය සුරංග ගුණතිලක , නර්ථන නිර්මාණය ප්‍රසන්න මහගමගේ විසින් සිදුකර තිබෙනවා. මෙහි සංගීතය සනුක වික්‍රමසිංහ විසින්ම සිදුකර තිබේ.

මෙම රූපරචනයට   නවක පරපුරේ දක්ශ රංගනශිල්පියෙකු වන පසුගියදා රයිගම් සම්මාන උලෙළේදී නැගීඑන නලුවාට හිමි සම්මානය දිනාගත් රන්දික ගුණතිලක, මෙන්ම දක්ශ යොවුන් නිලියකවන වගීශා සල්ගාදු හා දෙව්දුනී පෙරේරා විසින් රංගනයෙන් දායක වනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය පදනම් කරගනිමින් මෙරට ඉතිහාසයේ බොහෝගීත ප්‍රමාණයක් නිර්මාණය වී ඇති අතර ඒ අතරින් නන්දා මාලනිය ගායනා කරන හන්තාන අඩවියේ ගීතය මෙන්ම අමරසිරි පීරිස් ගේ හන්තානට පායන සද, පණ්ඩිත් අමරදේවයන් හා උමාරියා සිංහවංශ ගායනය කරන හන්තාන සිහිනේ යන ගීත ප්‍රධාඅන තැනක් ගන්නවා. ඊට අමතරව තවත් නිර්මාණාත්මක ගීතරැසක් ඒ හා බැදී පවතිනවා. මෙම ගීතයත් ඒ ගීත ගොන්නට එක්වූ තවත් අපූරූ ගීතයක වනු නිසැකයි.  

Thumbnail from official music video

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *