මෙරට සිනමා ප්‍රේක්ශකයාට නැවුම් සිනමා ආශ්වාදයක් ලබාදෙමින් අලුත්ම සිනමාපටයක් අද සිට තිරගතවනවා. ඒ රූකඩ පැංචි සිනමා පටයයි. සිංහල සිනමාවේ ඒකාකාරී වින්දනයෙන් මිදුනු චිත්‍රපටයක් ලෙස මෙම චිත්‍රපටය හදුන්වා දෙන්න පුළුවන්. සිංහල සිනමාවේ ජනකාන්ත තරුරැසක් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය දිවයින පුරා සිනමාහල් වලදී ඔබට නැරබියහැකියි.

මෙම සිනමා පටය සම්මානනීය කලාකරුවන් වන කල්පන ආරියවංශ හා වින්දන ආරියවංශ සහෝදරවරුන්ගේ නිර්මාණයකි. මෙහි ප්‍රධාන චරිතය ප්‍රතිභාපූර්ණ රංගනශිල්පී ජැක්සන් ඇන්තනී විසින් නිරූපනය කරන අතර මෙරට සිනමාවේ නිලි රැජින ලෙස සලකන මාලනී ෆොන්සේකා මහත්මිය හා රවීන්ද්‍ර රන්දෙනිය, බන්දුල විජේවීර, ධනංජය සිරිවර්ධන, දිල්හානි අශෝකමාලා ඒකනායක, කුශේන්‍යා ෆොන්සේකා, නිරෝශන් විජේසිංහ හා උමාලි තිලකරත්න ආදී කලාකරුවන් රැසක් මෙහි චරිත නිරූපනය කරයි. මෙහි රංගනයෙන් දායකවන කුශේන්‍යා ෆොන්සේකා මෙරට නිලි රැජින මාලනී ෆොන්සේකාගේ තුන්වන පරම්පරාවේ නියෝජනයකි. ඇය  මාලනී ෆොන්සේකා මහත්මියගේ සහෝදරයෙකු වන ආනන්ද ෆොන්සේකාගේ මිනිපිරියකි. ඇය මීට පෙර දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටයේ රංගනයෙන් දායකවී ඇත.

මෙම චිත්‍රපටය නිශ්පාදනය කර ඇත්තේ East West Entertainment ආයතනයයි. මෙහි කැමරාකරණය Jaan Shenberger වන අතර සංස්කරණය කල්පන ආරියවංශවේ. සංගීත නිර්මාණය ආචාර්ය රෝහන වීරසිංහයන් වේ. මෙම චිත්‍රපටය EAP මණ්ඩලය විසින් බෙදාහරිනු ලැබේ.

ළමයින් සදහාම විශේෂ්‍යත්වයක් පෙන්වන මෙම නිර්මාණය සැප්තැම්බර් 24 සිට පව්ලේසැමට දිවයින පුරා සිනමාහල් වලදී නැරඹිය හැකිය.  

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *