පසුගිය මාස කිහිපය පුරාවටම බොලිවූඩයේ විශාල කතාබහක් නිර්මාණය කරන්නට සමත්වූ ජනප්‍රිය නලු සුශාන්ත් සිං රාජ්පුත්ගේ  මරණය පිළිබඳ අලුත්ම තොරතුරු ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ඒ අනුව අද දහවල් ඉන්දියානු මත්ද්‍රව්‍ය පාලන කාර්‍යංශය විසින් සුශාන්ත්ගේ පෙම්වතිය අතඩංගුවට ගෙන තිබෙනවා. බොලිවූඩයේ නවක නිලියක් වන රේයා චක්‍රබෝර්ති වන ඇයට සුශාන්ත්ගේ මරණය වූ දිනයේ සිටම විව්ධ චෝදනා එල්ල වුනා. සුශාන්ත්ගේ මරණය පිළිබඳ ප්‍රකාශ ලබාගැනීමට අද 3වන දිනටත් ඇයව පොලිසිය විසින් කැදවූ අවස්ථාවේදී මෙලෙස ඇය අතඩංගුවටගෙන තිබෙනවා.

බොලිවූඩයේ ජනප්‍රිය නලුවෙකු වූ සුශාන්ත් සිං රාජ්පූට් සිය මුම්බායි පිහිටි නිවසේදී ගෙල වැලලාගෙන මියගිය බවටවාර්ථා වුනා. සුසාන්ත්ගේ මරණය සම්බන්ධව කරන් ජොහාර්, සල්මන් කාන් වැනි ප්‍රභල බොලිවුඩ් තරුවලටද ඝාතන චෝදනා එල්ල වුනා.

රේයා චක්‍රබෝර්තිට මුලින්ම චෝදනා එල්ලවන්නේ ඇය ජනප්‍රිය නිලි ආලියා භාත්ගේ පියා වූ ප්‍රවීන සිනමා අධ්‍යක්ශක මහේශ්භාට් සමග පැවති අනියම් ප්‍රේම සමගතාව මත පෙම්වතා වූ සුශාන්ත් මානසික පීඩනයකට ලක්කර සියදිවි නසාගැනීමට සැලසුම් කල බවටයි. මේ පිළිබඳ සුසාන්ත්ගේ පවුලේ සාමාජිකයන් මෙන්ම සුසාන්ත්ගේ රසිකයන් පවා මුම්බායි අධිකරණයේ ජනප්‍රිය චරිත කිහිපයකටම එරෙහිව නඩු ගොනුකරනු ලැබුවා. එහි ප්‍රතිපලයක් ලෙස සල්මන් කාන් ආදිත්‍ය චොප්‍රා ඇතුලු ප්‍රමුඛ පෙලේ බොලිවුඩ් තරු රැසක් ප්‍රශ්ණ කිරීම් සදහා රැගෙන ගියා. ඒ අතර වරෙක ආදිත්‍ය චොප්‍රා පොලිස් අත්ඩංගුවට පසු වුනා. පසුව දෙපාර්ශවයෙන්ම ඉල්ලීම මත නඩුව මුම්බායි පොලීසියෙන් ඉවත්කර ඉන්දීය මධ්‍යම අපරාධ පරීක්ශන දෙපාර්තමේන්තුවට පවරණු ලැබුවා.

එහි පරීක්ශන ආරම්භ වූ අතර අනතුරුව පසුගිය සතියේදී සුශාන්ත්ගේ නිවසේ කෝකියා ලෙස සේවය කල තැනැත්තා හා පෙම්වතිය වූ රේයාගේ සහෝදරයා අත්ඩංගුවට පත්වීමයි. රේයාගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීම සමග මෙම මරණයට ඉන්දීය මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධ බවටද තොරතුරු පැතිරගියා. කෙසේ වෙතත් පසුගිය දින දෙකෙහිම ප්‍රශ්ණකිරීම් සදහා කැදවූ සුසාන්ත්ගේ පෙම්වතිය අද තුන්වනදිනට ප්‍රශ්ණ කිරීම් සිදුකරනු ලැබූ අවස්තාවේදී ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කර්‍යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේයා අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස දක්වා ඇත්තේ මත්ද්‍රව්‍ය පානය කිරීම හා මත්ද්‍රව්‍ය වෙලෙන්දන් සමග සමගතා පැවැත්වීම සම්බන්ධවයි. රේයා විසින් මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ අයගේ නාමලේඛනයක්ද පොලීසියට ලබා දී ඇති බවත් එහි ඉන්දියාවේ ජනප්‍රිය පුද්ගලයන් ගනනාවක් සිටින බවත් හින්දුස්ථාන් ටයිම්ස් පුවත් පත සදහන් කරනවා. මේ අතර රේයාගේ ප්‍රකාශයන් අතර සුසාන්ත් සිං රාජ්පුත් ද ගංජාපානය කරන අයෙකු බව සදහන් කර තිබීම විශේශත්වයක්.

මෙම අත්අඩංගුවට ගැනීමේ තොරතුර වාර්තා වී විනාඩි කිහිපයකට පසුව සුශාන්ත්ගේ සහෝදරිය වන ස්වේතා සිං ක්‍රිතී  විසින් ඇගේ ට්විටර් ගිනුමේ සදහන් කර ඇත්තේ “දෙවියන් අප සමගය” යනුවෙනි.  සුශාන්ත්ගේ පැරණි පෙම්වතියක් වන අනික්ටා ලෝක්හන්ඩේද සුසාන්ත්ගේ මරණයේ සිටම සමාජ මාධ්‍යඔස්සේ හඩ නැගූ ප්‍රවීම බොලිවුඩ් නිලි කනංගනා රනවුන්ට් ඇතුළු පිරිසක්ද අදහස් දක්වා තිබුණා. කෙසේ වෙතත් සුසාන්ත්ගේ මරණය සම්බන්ධ පැමිනිල්ලේ සදහන් ඇතැම් කරුනු අසත්‍ය බවද වාර්ථා වනවා.

රේයා විසින් ලබාදී ඇති කට උත්තරය අනුව ඉන්දීය මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ හා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ බොහෝ බොලිවූඩ් තරු රැසකටම එරෙහිව පරීක්ශන පවත්වන බව ඉන්දියානු මධ්‍ය අපරාධ පරීක්ශන දෙපාර්තමේන්තුව පවසනවා.

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *