ශ්‍රී ලාංකීය ටෙලි නිර්මාණ හා කලාකරුවන් අගයමින් පැවැත්වෙන රයිගම් ටෙලීස් “ජාතියේ ටෙලි සම්මාන උළෙල” මෙමස 19 වනදා කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. 

2019 වර්ශයේ ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකාවල විකාශණය වූ නිර්මාණ හා කලාකරුවන් සැප්තැම්බර් 19 වනදා රාත්‍රියේ දී සම්මානයට ප්‍රාත්‍ර වනු ඇත. මෙරට බිහිවූ විශිෂ්ඨ නිර්මාණ ජනප්‍රිය නිර්මාණ රැසක් නිර්දේශිත නාමයන් යටතේ පවතී.

ජූරි සභාව විසින් හොදම නිර්මාණ හා කලාකරුවන් තෝරා පත්කර ගන්නා අතර ජනප්‍රියම නිර්මාණ හා කලාකරුවන් පත්කර ගැනීමට අවස්තාව ප්‍රේක්ශකයන්ට හිමිවනවා. ඒ සදහා ඔබට RT (හිස්තැනක් ) ඔබ කැමතිම නලුවා නිලිය හෝ ටෙලිනාට්‍ය සදහන් කර මොබිටෙල් 2244 ඩයලොග් 8484 හච් 8484 අංක වලින් කෙටිපණිවිඩ එවිය හැකිය.

සැප්තැම්බර් 9 වනදින වනවිට ජනප්‍රිය නලුවා සටනේ පෙරමුණට එන්නට කෙශාන් ශෂින්ද්‍ර සමත්ව ඇති අතර රවීන් කනිෂ්ක, සංජය මුරමුදලි, මිලින්ද මඩුගල්ල, ලවන් අභිශේක් මුල් ස්ථාන 5 වෙන්කරගෙන තිබුණා. ජනප්‍රිය නිලියන්ගේ ලයිස්තුවේ පෙරමුණට එන්න සමත්ව ඇත්තේ ගීත්මා බණ්ඩාර වන අතර නයනතාරා වික්‍රමාරච්චි මිශෙල් දිල්හාරා, විනූ සිරිවර්ධන, ශලනි තාරකා මුල් ස්තාන පහ සදහා නිර්දේශ වී තිබුණා. ජනප්‍රිය නාට්‍යය ගොන්නේ මුල් ස්ථාන 5 පිළිවලින් සංගීතේ,නීල් පබලු,දෙවනි ඉනිම, තනමල්විල කොල්ලෙක් රාවණ යන නාට්‍ය ලබාගෙන තිබුණා.

සම්මාන උලෙල දිවයිනේ ජනප්‍රිය ජනකාන්ත තරු පිරිවරා සැප්තැම්බර් 19වන සෙනසුරාදා සවස 6:30ට කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශයේදී පැවැත්වීමට නියමිතයි.  

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *