බොලිවූඩයේ ජනප්‍රිය ගායිකාවක වන නේහා කක්කර්ගේ විවාහය ගැන බොලිවූඩයෙන් තොරතුරු ගලා එනවා. ඒ ඇය හා ගායක රොහාන්ප්‍රීත් සිං අතර විවාහය සිදුවූ පුවතත් සමගින්. ඔක්තෝබර් 24 වන දින දිල්ලියේ සාම්ප්‍රදායික චාම් උත්සවයකින් දෙදෙනාගේ විවාහය සිදුවූ බවයි සදහන් වන්නේ. නමුත් පවතින වසංගත තත්වය මත මෙම විවාහය පවුලේ අය හා සමීප හිත මිතුරන්ට පමණක් සීමා වූ අතර ඉතා සීමිත සංඛ්‍යාවක් සගභාගී වී තිබුණා.

නේහා කක්කර් විසින් ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිනුමේ මුල්වරට රොහාන්ප්‍රීත් සිං සමග පවතින සම්බන්ධතාවය හෙලි කරන්නේ පසුගිය ඔක්තෝබර් 9 වනදායි. ඒ ඔහු විසින් ඇයට විවාහ යෝජනාව ගෙන ආ පණිවිඩයත් සමගයි. ඒ අතර කාලයේ ඔවුන් දෙදෙනා විවිධ උත්සව වලදී එකව කාලය ගතකිරීම නිසා ඔවුන්ගේ රසිකයන් ඔවුන්ගේ විවාහය පිළිබඳ ඉගිපලකලා.

නේහා බොලිවූඩයේ ජනප්‍රිය සිනමා නිර්මාණය රාශියකට ගීත ගායනා කල බොලිවූඩයේ ඉදිරිපෙලේ දක්ශ ගායිකාවක්. ඇය විසින් Fever චිත්‍රපටයට ගායනා කල මිලේ හෝ තුම්, Student Of the Year 2 චිත්‍රපටය සදහා ගායනා කල The hook up Song ඇතුළු ගීත රාශියක් බොලිවූඩයේ පමණක් නොව ලෝකය පුරා ජනප්‍රිය වුනා. ඇය විසින් Zee Music Company , T Seiris, Sony Music India යන බොලිවූඩයේ ප්‍රමුඛ පෙලේ සංගීත සන්නාම යටතේ ගීත ගායනා  කරනවා. ඇගේ සහෝදරයා හා සහෝදරිය වන ටෝනි කක්කර් හා සෝනු කක්කර් ද බොලිවූඩයේ ජනප්‍රිය ගායන තරු වේ.

විවාහයට පෙර මෙම යුවල විසින් නේහු දා වියාහ් නමින් ගීතයක් එලිදක්වා තිබුණි. එයද ඔවුන් දෙදෙනාගේ රසිකයන් මෙන්ම ලෝකයේ බොහෝ පිරිස්වල හොද ප්‍රතිචාර ලබන්නට සමත්විණි.

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *