nadagamkarayo
TV SHOW

හාරකෝටිය ලියූ සද්ධාමංගලගේ අලුත් නාඩගම

ස්වර්ණවාහිනීය කවදත් ඒකාකාරි ටෙලිනාට්‍ය රටාවෙන් මිදී විවිධ රසයන්ගෙන් යුතු ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයාට ලබාදීමට කටයුතු කරනවා. ඒ අතර ඇතැම් ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයා අතර වඩා ජනප්‍රිය වන්නේ ප්‍රේක්ෂකයාගේ හිතේනොමැකෙන සටහන් එකතුකරමින්. 2018 වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය වූ වෙස් ටෙලිනාට්‍ය ස්වර්ණවාහිනීය ප්‍රේක්ෂකයාට ලබාදුන් එවැනිම වෙනස් අද්දැකීමක්. 

ජනවාරි 18 වනදා 9.30

ස්වර්ණවාහිනීයේ පසුගියකාලයේ වැඩි කතාබහක් නිර්මාණය කල ජනප්‍රිය ටෙලිනාට්‍ය මාලා වූ හාරකෝටිය, කෝටිපතියෝ, අග්නි පියාපත්, ආගන්තුකයා  වැනි නිර්මාණ රචනාකල සද්ධාමංගල සූරියබණ්ඩාර විසින් ඔහුගේ අලුත්ම ටෙලි කතාමාලාව ප්‍රේක්ෂකයා වෙතගෙන එන්නට සූදානමින් සිටිනවා. ඒ නාට්‍ය නම් කර තිබෙන්නේ නාඩගම්කාරයෝ ලෙසිනි. ජනවාරි 18 වනදා සිට මේ ටෙලිනාට්‍ය ස්වර්ණවාහිනීයේ විකාශණය වීමට නියමිතයි. ඊට අදාල පූර්විකාව පසුගියදා විකාශය වුනා. 
මේ ටෙලිනාට්‍යයේ රංගනශිල්පීන් ලෙස ජනප්‍රිය, ප්‍රවීන මෙන්ම නවක ආදී සියලුම අංශයන් නියොජනය කරමින් විශාල පිරිසක් එක්වීමට නියමිතයි. ඒ අතර සජිත අනුත්තර ඇන්තනී, ගිරිරාජ් කෞශල්‍යය, සෙනාලි ෆොන්සේකා, මදුශානි පෙරේරා, විරාජ් ධනූශ, සංගීත් ප්‍රභූ ඇතුලු පිරිසක් එක්වනු ඇති. 
කතාවේ රචකයා ගැන සදහන් කලොත් ගිරය, ඇගිලිසලකුණ වැනි නිර්මාණ ප්‍රේක්ෂකයා වෙත තිලිණ කරමින් වෙනස්ම ගමනක ආ ප්‍රවීනමාධ්‍යවේදියෙකි. ඔහුගේ තිර රචනාවලින් උපත ලැබූ කානුගෙදර රංජිත්ලා, ඇලකන්ද වත්තේ ලාරලා, මෝදර නිංජලා තවමත් ප්‍රේක්ෂකයාට මතක ගොන්නක් ඉතිරිකර ඇත. හාරකෝටිය, කෝටිපතියෝ, සිල්ලර සමනල්ලු, අමුතු රසිකයා, ආගන්තුකයා, අග්නි පියාපත් සද්ධාමංගල සූරියබණ්ඩාර මහතාගේ ජනප්‍රිය තිර රචනාවල ඉහලින්ම ඇති ඒවායි.
රැල්ලට යන ටෙලිනාට්‍ය සංස්කෘතිය වෙනුවට දඩබ්බර ගති ඇති ගැමි ජීවිත කිහිපයකට හාස්‍ය මුසුකරමින් මේ කතාව නිර්මාණය වනු අපට පුනරූපන පටයෙන් දැකගතහැකි වුනා. කතාවේ දෙබස්ද වෙනමම නැවුම් අලංකාරයක් වී තිබෙන්නේ ඒවා කිසිවකින් උපුටානොගත් ඒවා බව පසක් කරමින්. එලැබෙන සතියේ සිට ස්වර්ණවාහිනී නාලිකාව තුලින් වෙනස්ම කෝනයක ප්‍රේක්ෂක රසවින්දයක් වෙනුවෙන් නාඩගම්කාරයෝ සූදානමින් සිටිනු ඇත. 

Related posts

සුනිල් කොස්තාගෙන් අලුත් ට්‍රෙන්ඩ් එකක්

Himal Samaranayake

සුමති සම්මාන 2020 වෙනුවෙන් මනාප ලබාදීම ඇරබෙයි

Himal Samaranayake

පොදු අවසානය තාම කාටවත් හිතාගන්න බෑ – ශර්මිලා

Himal Samaranayake

Leave a Comment