රයිගම් ටෙලි සම්මාන උලෙළ මේවන විට අති උත්කර්ෂවත් අන්දමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වෙනවා. ප්‍රේක්ෂකයා වඩාත්ම බලාසිටී ඔවුන් විසින් තෝරාපත්කරගත් ජනප්‍රිය සම්මාන දැන් ප්‍රධානය කලා

ඒවා අතර මේ වසරේ අතිශයින්ම ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය වූ තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍ය වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය ලෙස සම්මාන දිනාගනු ලැබුවා. සම්මාන ලබාගැනීමේදී එහි අධ්‍යක්ශක රොශාන් රවීන්ද්‍ර විසින් එහි ප්‍රධාන චරිතය නිරූපනය කල ධනුක ඩිල්ශාන්ට සම්මනය ලබාගැනීමට අවස්ථාව ලබාදීම විශේශයෙන් කැපී පෙනුනා.

වසරේ ජනප්‍රියම නිලිය ලෙස මෙවර සම්මාන දිනාගනු ලැබුවේ ජනප්‍රිය නිලි ශලනි තාරකා විසිනි. ඇය විසින් මෙවර ජනප්‍රිය සම්මානය දිනාගත්තේ හොදම නිලියට හිමි සම්මනයටද නිර්දේශිත වී ඇති අවස්ථාවකදී වීම විශේෂ්‍යත්වයක්. ඇය සම්මාන දිත්වයම දිනාගන්නේ නම් එය රයිගම් සම්මාන ඉතිහාසයේ එම දක්ශතාවය වාර්ථාවූ පලමු අවස්ථාවයි. මෙහිදී ප්‍රේක්ෂකයාට ස්තූතිකල ශලනි ප්‍රථම වතාවට තමා රංගනයෙන් දායක නොවූ ටෙලි නාට්‍යක රසිකයන් වෙත ස්තූතිය පලකරනු දක්නට ලැබුණා. ඒ තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍ය රසිකයන්ටයි. ඒ ඇය වෙනුවෙන් මනාප පලකරන ලෙස එහි රසිකයන් උනන්දුවක් දැක්වූ නිසාවෙනි.

ජනප්‍රියම නලුවා ලෙස මෙවරද සම්මන දිනාගත්තේ දෙවන ඉනිම ටෙලිනාට්‍යයේ අනුහස්ගේ චරිතය නිරූපනය කල රවීන් කණිෂ්කයි.ඔහු එම.අවස්ථාවේ දෙරණ ඩ්‍රීම්ස්ටාර් අවසන් මහාතරගයේ පූරකයා ලෙස කටයුතු කරන නිසා ටෙලිනාට්‍යයේ ඇගේ පෙම්වතියගේ  චරිතය නිරූපනය කරන නෙත්මි රොශෙල් විසින් සම්මානය ලබාගත්තා.

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *