රයිගම් ටෙලීස් ටෙලි සම්මාන උලෙළට තවත් ඇත්තේ දින කිහිපයක් පමණි. විශිෂ්ටතම නිර්මාණ ජූරි සභිකයන් විසින් තෝරගනු ලබන අතර ජනප්‍රිය නිර්මාණ තෝරාගැනීමට ප්‍රේක්ෂකයාට අවස්ථාව හිමිවනවා. මේවන විට SMS මර්ගයෙන් මෙන්ම Raigam tele’s ජංගම දුරකථන යෙදුම හරහාද විශාල ප්‍රේක්ශක මනාප ගලාගෙන එනවා. මීට පෙරද මෙලෙස තෝරාගැනීම් සිදුකලද වෙනදාට වඩා විශාල තරගයක් ජනප්‍රිය කාණ්ඩයේ නිර්මාණ සදහා ලැබී තිබෙනු දක්නට පුළුවන්. විශේශයෙන් තමන්ගෙ කැමතිම නිර්මාණය ජනප්‍රිය නිර්මාණය කිරීමට ප්‍රේක්ෂකයා නිරන්තරයෙන් උත්සාහ ගන්නා බව ද උද්‍යෝගයකින් ඒ සදහා යොමුවන බවද පෙනෙන්න්නට තිබේ.

විශේශයෙන් මෙම තරගය පවතින්නේ ජනප්‍රියම නාට්‍ය කාණ්ඩයේ තණමල්විල කොල්ලෙක්, රාවණා 2, දෙවෙනි ඉනිම හා සංගීතේ නම් නිර්මාණ අතරයි. ඒ ඒවාට ආවේනික වූ සමාජ මාධ්‍ය කණ්ඩායම් හරහාද විශාල උනන්දුවක් පෙන්නුම් කරයි. එනිසාම පලමුතැන ගන්නා නිර්මාණය දිනෙන් දින වෙනස්වනු දකින්න පුළුවන්. මේ තරගය මීට පෙරද වඩා තීව්‍රව දකින්න ලැබුනේ  2018 වසරේ කූබියෝ නාට්‍ය හා දෙවෙනි ඉනිම් නාට්‍ය අතර ජනප්‍රියතා තරගයේදීයි. කෙසේවෙතත් තණමල්විල කොල්ලෙක් කූබියෝ ගිරිදේවී යන නිර්මාණ කලාරසය මතම නිර්මාණය කල අතිශය කලාත්මක නිර්මාණ වන අතර දෙවෙනි ඉනිම හෝ සංගීතේ යනු වානිජ ටෙලි නිර්මාණයි. ජනප්‍රිය ලේබලයට එකට තරගවැදුනත් මේවා එකිනෙකට වෙනස් ප්‍රේක්ෂක පරාසයන් තුල පවතින නිර්මාණ  බව මතක් කල යුතුය.

ජනප්‍රිය නිලියගේ සටන සමාජ මාධ්‍යතුල වඩා උනුසුම්ව පවතින්නේ නයනතාරා වික්‍රමාරච්චි හා ශලනි තාරකා අතරය. නමුත් සමාජ මාධ්‍ය හරහා වැඩි කතාබහකට ලක්නොවුනත් ගීත්මා බණ්ඩාර අවසන් දින කීහිපයේ ජනප්‍රියම නිලිය ලෙස ඉදිරියෙන් සිටිනු දක්නට ලැබුණා. ශලනි හා නයනතාරා මීට පෙර අවස්ථා කිහිපයකදීම රයිගම් සම්මාන ඇතුළු විවිධ ටෙලි සම්මාන උලෙලහිදී ජනප්‍රිය නිලිය සම්මානය දිනාගෙන තිබුණා. ශලනි තාරකා විසින් අඩෝ ටෙලිනාට්‍යයේ කමනිගේ චරිතය වෙනුවෙන් හොදම නිලියටද මෙවර නිර්දේශිත වී ඇත.

ජනප්‍රිය නලුවන්ගේ ලැයිස්තුවේ මුල් ස්ථාන 3ම දෙවෙනි ඉනිම නාට්‍යයේ ප්‍රධන චරිත3 අතර බෙදීගොස් තිබෙනවා. සිව්වන ස්ථානය ප්‍රවීන නලු රොශාන් රවීන්ද්‍ර දිනාගෙන තිබේ. මුල් ස්ථාන 3 රවීන් කනිෂ්ක, කේශාන් ශෂින්ද්‍ර හා මිලින්ද මඩුගල්ල විසින් දිනාගෙන ඇත.

කෙසේ වෙතත් සැප්තැම්බර් 18 වනදා වනතුරුම ප්‍රේක්ෂකයාට මේ සදහා මනාප පලකල හැකි අතර 19 වනදා රාත්‍රීයේ ජනප්‍රියම නිර්මාණය හා කලාකරුවන්ට සම්මාන ලැබෙනු ඇත. මේ සටහන ලියන්නේ ඊට දින දෙකකට පෙර නිසා මෙහි මුල් පෙල සිටින නාට්‍ය හෝ චරිත් ඉදිරි දින 2 තුල වෙනස් විය හැකිය.  

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *