Helawood MOVIE

මනෝගේ මතක එක්ක මිස් ජෙනිස් ලගදීම

ශ්‍රී ලංකාවේ වේදිකාව පුංචි තිරය හා රිදී තිරය සියල්ලම ජයගත් විශිෂ්ට කලාකරුවෙකු ලෙස අපට ජයලත් මනෝරත්න ශූරීන් හදුන්වන්න පුළුවන්. මෑතකදී අප අතරින් වියෝවූ ඔහු රංගනයෙන් දායක වූ නිර්මාණ කිහිපයක් තවමත් තිරගතවී නෑ. ඒ අතර ප්‍රේක්ශකයා වඩා බලාපොරොත්තු තබාගෙන සිටින නිර්මාණයක් ලෙස මිස් ජෙනිස් සිනමා නිර්මාණය හදුන්වාදෙන්න පුළුවන්. ඊට ප්‍රධාන හේතුව එම චිත්‍රපටයේ ජයලත් මනෝරත්නයන් ප්‍රභල කාන්තා චරිතයක් නිරූපනය කිරීමයි.

පියෙකුගේ අසීමිත ආදරයක අභිමානය කියාපාන මිස් ජෙනිස් සිංහල චිත්‍රපටය  සැප්තැම්බර් 25දා සිට දිවයින පුරා සිනමා ශාලාවලදී තිරගත වේ.

මෙම චිත්‍රපටය ජනප්‍රිය ටෙලිනාට්‍ය අධ්‍යක්ශක සුසිරන් ද සිල්වාගේ මංගල සිනමා නිර්මාණයයි. අයේශ්මන්ත හෙට්ටිආරච්චි කැමරාකරණයෙන්ද ලක්ශ්මන් විජේසේකර සංගීත අධ්‍යක්ශණයෙන්ද දායකවී ඇත. අභාවප්‍රාප්ත රංගනශිල්පී ජයලත් මනෝරත්නයන්ට අමතරව ජයලාල් රෝහණ, දුලීකා මාරපන, ගිරිරාජ් කෞශල්‍යය, කුමාර තිරිමාදුර, රොශාන් රණවන, උදාරි පෙරේරා, මාදනී මල්වත්ත හා ඕශදී හිමාශා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙයි.

ප්‍රේක්ෂකයාට නැවුම් අද්දැකීමක් සමග සැප්තැම්බර් 25 දා සිට සියලූම සිනමාශාලාවලදී ඔබට නැරබීමට හැකිය.

Related posts

සුනිල් කොස්තාගෙන් අලුත් ට්‍රෙන්ඩ් එකක්

Himal Samaranayake

ශලනි අලුත්කල වසර 24ක වාර්ථාව

Himal Samaranayake

තණමල්විල කොල්ලාද? රාවණාද? දෙවෙනි ඉනිමද ? ප්‍රේක්ෂකාගාරය උණුසුම්

Himal Samaranayake

Leave a Comment