Worldwide

මනි රත්නම්ගේ මීලග සිනමා පටය වෙනුවෙන් අයිශ්චර්‍යා හා වික්‍රම් ලංකාවට?

කොරෝනා වසංගත ව්‍යාපෘතියට ඉන්දියාව දරුණු ලෙස මුහුනදී සිටීම නිසා එරට සිනමා රූගත කිරීම් සදහාද මේ වන් විට භාධා එල්ල වෙමින් පවතිනවා. මාස ගනනක් බලා සිටි සිනමා අධ්‍යක්ශකවරුන් මෙන්ම නිශ්පාදන ආයතන මේ වන විට විකල්ප අවස්ථා සොයමින් නිර්මාණ නිපද වීමට කටයුතුකරනවා.

දමිල සිනාමා අධ්‍යක්ශකවරයෙකු වන මනි රත්නම්ගේ මීලග සිනමා පටය  කොරෝනා ව්‍යාපෘතිය ආරම්භ වීමට පෙර හයිද්‍රාබාද් හි රාමෝජි රාවෝ සිනමා ගම්මානයේදී  රූගත වෙමින් පැවතියා. “පොන්නියන් සෙල්වන්” ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සදහා වික්‍රම් හා ජෙයිම් රවී රංගනයෙන් දායක වනවා. මීට අමතරව මෙම චිත්‍රපටය සදහා ලමා නිලි බේබිසාරා, අයිශ්චර්‍යා රායි බච්චන්, ත්‍රීශා, කාර්ති ඇතුලු පිරිසක් එක්වන බවයි වාර්ථාවන්නේ.

මේවන විට ඉන්දියාවේ වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් මෙම චිත්‍රපටයේ ඉදිරි රූගත කිරීම් කටයුතු ශ්‍රීලංකාවේ පැවැත්වීමට නියමිත බව ඉන්දියානු මාධ්‍ය වර්ථා කර තිබුණා. කෙසේ වෙතත් මේ පිළිබඳ නිශ්පාදන ආයතනය නිල වශයෙන් නිවේදනය කර නැති අතර ඉදිරියේ දී ඔවුන් ඒ පිළිබඳ නිල වශයෙන් දැනුම් දෙනු ඇතැයි වාර්තා වනවා.

මනි රත්නම් විසින් අධ්‍යක්ශණය කරන මෙම  චිත්‍රපටය 2021 දී ප්‍රදර්ශණය කිරීමට නියමිත බවයි වාර්ථාවෙන්නේ. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ශණය ආර් ඒ රහමන් විසින් සිදුකරනවා.  

Related posts

විජේ සේතුපති 800න් ඉවත් වෙයි.

Himal Samaranayake

ප්‍රථම වරට දීපිකා ප්‍රතිවීර චරිතයකින් ?

Himal Samaranayake

පාසල් ප්‍රේමය සමග වරුන් යුග දිවියට

Himal Samaranayake

Leave a Comment