ජනප්‍රිය රූපවාහිනී නිවේදකයෙකු මෙන්ම රංගනශිල්පියෙකු වන මාධව විජේසිංහ අද (26) අතිනත ගෙන තිබෙනවා. ඒ වෛද්‍යවරියක වන නන්දුනී රණසිංහ සමගයි. කොවිඩ් අර්බුදය පවතින වකවානුවේදී ශේෂ්ත්‍රයේ සීමිත පිරිසක් සමග මෙම විවාහ මංගලෝත්සවය පැවැත්වුනා.

මාධව විජේසිංහ ටී වී දෙරණ මුල් වකවානුවේදී සිටම එහි වැඩසටහන් නිවේදකයෙකු ලෙස කටයුතු කරනවා. ඊට අමතරව  වෙලද දැන්වීම් රංගනශිල්පියෙකු ලෙසද ඔහු කුඩාකල සිට එක්වූ අයෙක්. පසුකාලීනව මෙරට ජනප්‍රිය ටෙලි නිර්මාණ රැසක ඔහුව දැකගන්නට ප්‍රේක්ෂකයාට අවස්ථාව ලැබුණා. තවද ඔහු ජනප්‍රිය නිරූපනශිල්පියෙකු ලෙසද හදුන්වන්නට පුළුවන්. දෙරණ මාධ්‍ය ආයතනය ඔස්සේ විකාශය වන විවිධ වැඩසටහන් උත්සව ඔහු විසින් පූරණය කරන අතර ප්‍රේක්ෂකයා අතර ඉතාමත් ජනප්‍රිය දෙරණ චැම්පියන් ස්ටාර්, දෙරණ ලිට්ල් ස්ටාර් වැනි වැඩසටහන් ඉදිරිපත් කරන්නේද ඔහුයි. ඔහු සමග විශාල කාලසීමාවක් එක්ව නිවේදන කටයුතු කරන සචිනි නිපුන්සලා සමග ඔහුට ආදර සම්බන්ධතාවයක් පවතින බවටද රසිකයන් අතර කතාබහක් නිර්මාණය වී තිබූ අතර ඔවුන් දෙදෙනා එය තරයේ ප්‍රතික්ෂේප කල අතර ඔවුන් ඉතාම කිට්ටු මිතුරන් පමණක් බව ඔවුන් සදහන් කලා. සචිනි නිපුන්සලාද මේ වසරේ මුල්භාගයේදී විවාහ වුනා.

මාධව විජේසිංහගේ අතගත් තරුණිය වන්නේ නන්දුනී රණසිංහයි. ඇය ශේෂ්ත්‍රයේ කෙනෙකු නොවන අතර ඇය වෛද්‍යවරියක වනවා. ඇය සාරංග දිසාසේකරගේ මව් පාර්ශවයේ නෑහිතමිතුරියක් බවයි ආරංචි ගලා එන්නේ. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා අතර වසර ගනනාවක ආදරකතාවක් පැවති බවට සදහන්. නමුත් මාධව විජේසිංහ විසින් ඔහුගේ ප්‍රේම කතාව ඔහුගේ රසිකයන්ගෙන් විවාහ දිනය වනතුරුම සගවාගන්නට සමත් වුනා. ඔහු එය සිය රසිකයන්ට පවසන්නේ විවාහ දිනයේ උදෑසන සිය සමාජ මාධ්‍ය ඔස්සෙනි.

අද පැවැත්වෙන විවාහ මංගලෝත්සවය සදහා රංගන ශේෂ්ත්‍රයේ, නිවේදන ශේෂ්ත්‍රයේ නිරූපන ශේෂ්ත්‍රයේ බොහෝ දෙනෙකු මෙන්ම නෑදෑ හිතමිතුරන්ද පැමිණ ඇතිබවයි. වාර්ථාවන්නේ. මේ පුවත මේ වනවිට ලංකාවේ සමාජ මාධ්‍යන්හි ප්‍රමුඛතම පුවත බවට පත්වී තිබෙනවා.

මාධව හා නන්දුනී ඔබව Thepopcorns අපගේ උනුසුම් සුභපැතුම්.

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *