සිංහල සිනමාවේ වඩාත්ම ජනප්‍රියත්වයට පත්වූ රංගනශිලිනිය වගේම මෙරට නිලි රැජින ලෙස විරුදාවලිය ලබන්නේ මාලනී ෆොන්සේකා මහත්මියයි. මෙරට සිනමාවේ ස්වර්ණමය වකවානුව තුල මෙරට සිනමාවේ දැවැන්ත චරිතවන ගාමණී ෆොන්සේකා, විජය කුමාරතුංග මෙන්ම රවීන්ද්‍ර රන්දෙනිය වැනි නලුවන් සමග කරට කර රංගනයේ යෙදෙන්නට හැකිවූ ඔවුන් සමග සිනමා යුග නිර්මාණය කරන්න හැකිවූ දක්ශ සුරූපී නිලියක ලෙස ඇය කලා ශේෂ්ත්‍රයේ වඩා ප්‍රසිද්ධයි. මාලනි ෆොන්සේකා මහත්මියගේ පව්ලේ බොහෝ දෙනාද මෙරට කලා ලෝකයේ විවිධ දක්ශතාවයන් පෙන්වූ චරිත බවට පත්වුනා.

ඒ පිළිබඳ මතක් කරන විට ඇගේ සොහොයුරියක් වූ දමයන්ති ෆොන්සේකා මහත්මිය වගේම නූතන සිනමා අවකාශයේ  දක්ශ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන සමනලී ෆොන්සේකාත් මතක් කල යුතුමයි. ඊට අමතරව නූතන සිනමා හා ටෙලි නිර්මාණ අතර ජනප්‍රියත්වයට පත්වූ රංගන ශිල්පිනියක වන සෙනාලි ෆොන්සේකාත් නිලි රැජින මාලනියන්ගේ පරම්පරාවේ නියෝජනයක්. මෙලෙස ජනප්‍රිය චරිත ගොන්නක් ෆොන්සේකා පරම්පරා දෙකක් නියෝජනය කරන විට මාලනී ෆොන්සේකා පරම්පරාවේ තුන්වන අදියරේ කෙනෙක් ගැනත් කතාබහක් නිර්මාණය වෙන්නට පටන්ගෙන තිබෙනවා. ඇය කුශේන්‍යා ෆොන්සේකායි.

බැලූ බැල්මට සමනලී ෆොන්සේකාගේ රූප ස්වභාවයට වඩා සමීප රූප ස්වභාවයක් හිමි ඇය ගැන වඩාත් කතාබහක් නිර්මාණය වන්නේ රූකඩ පැංචි චිත්‍රපටයත් සමගයි. තවමත් වයස අවුරුදු 14ක් පමණ වන ඇය මෙම රූකඩ පැංචි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නියෝජනය කරනවා.

නිලි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ බාල සහෝදරයෙකු මෙන්ම සමනලී ෆොන්සේකාගේ පියාවන ආනන්ද ෆොන්සේකා මහතාගේ මිනිපිරියක වන ඇය කොලඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ ඉගනුම ලබනවා. සිනමා හා කලා ලෝකය ජයගත් බොහෝ පිරිසක් ඇය වටා සිටීම ඇගේ සිනමා ජීවිතයට තවත් බොහෝ අත්දැකීම් හා උපදෙස් එක්කරගන්නට හේතුවනු ඇත. මීට පෙර ඇය දැකල පුරුදු  කෙනෙක් චිත්‍රපටයෙන් දැක ගන්නට පුළුවන් වුනත් රූකඩ පැංචි චිත්‍රපටය හරහා  ඇය ගැන බොහෝ දෙනා කතාබහ කරන්නට පටන්ගෙන තිබෙනවා.

වින්දන හා කල්පන ආරියවංශ දෙසොහොයුරන්ගේ රූකඩ පැංචි චිත්‍රපටයේ  රූකඩ වලට ආදරය කරන බුද්ධිමත් ගැහැනු දරුවකුගේ චරිතය මේ දිනවල සිනමාශාලාවල දැක ගන්න පුළුවන් ( කොරෝනා ව්‍යාප්තිය නිසා දැනට තාවකාලිකව නවතා ඇත) 

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *