Worldwide

සයිෆ්-කරීනා පව්ලට ලගදීම අලුත් අමුත්තෙක්

කොරෝනා සමය නිසා බොලිවූඩයේ සිනමාවට විරාමයක් ලැබුනත් බොලිවූඩයෙන් වාර්ථාවන පුවත් අඩුවක් වී නෑ. කොරෝනා සමය ආරම්භ වූ මුල් කාලයේ සුශාන්ත්ගේ මරණය සමග බොලිවූඩය උනුසුම් උනා. ඉන්පසුව මාස ගනනක්ම එහි මරණ පරීශණ සමග බොලිවූඩය උනුසුම් මුහුනුවරක් ගත්තා. තවද මේ කොරෝනා සමග ලැබුණු විවේකය තමන්ගේ පෞද්ගලික ජීවිතයේ කටයුතු සදහා යොදාගන්න ඇතැම් බොලිවුඩ් තරු කටයුතු කර තිබුණා. ඒ අතර විවාහ උත්සව මෙන්ම දරුප්‍රසූතීන්ද දැගන්න පුළුවන්.

බොලිවූඩයෙන් වාර්තාවන අලුත්ම පුවත නම් ප්‍රවීන මෙන්ම ජනප්‍රිය රංගනශිල්පිනී කරීනා කපූර් ඛාන් දෙවන දරු ප්‍රසූතියට සූදානම් වන බවයි. ඇය සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගෙන තිබුණු ඡායාරූප මගින් ඒ බව තහවුරු වනවා. මේ පුවත නිසා කරීනාට හා ඔහුගේ සැමියාවන සයිෆ් අලි ඛාන්ට මේ දිනවල නන් දෙසින් සුභපැතුම් ගලා එනවා. බොලිවූඩයේ ප්‍රවීන රංගනශිල්පීන් මෙන්ම නව පරපුරේ රංගනශිල්පීන්ද සිටීම විශේෂ්‍යත්වයක්.

1890 උපන් කරීනා කපූර 2012 වර්ශයේදී ජනප්‍රිය බොලිවූඩ් රංගනශිල්පී සායිෆ් අලි ඛාන් සමග විවාහ උනා. ඔවුන්ට තයිමුර් අලි ඛාන් ලෙස එක් දරුවෙකු සිටිනවා. මේ වන විට දෙවන දරු ප්‍රසූතියට සූදානම් වන කරීනා හතලිස් වියැති වනවා. ඔහුගේ සැමියා වන සයිෆ් අලි ඛාන් ගේ පෙර විවාහයේ දරුවන් වන ජනප්‍රිය රංගන ශිල්පිනී සාරා අලි ඛාන්, ඊබ්‍රහීම් අලි ඛාන්ද කරීනාට සුභ පතා තිබෙනු ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබෙනු දක්නට ලැබුනා.

මේ වන විට කරීනාකපූර් සයමස් ගැබිනියක් බව සයිෆ් අලි ඛාන් ඉන්දීය මාධ්‍ය වෙත දැනුම්දී තිබුණා. කෙසේ වෙතත් අලුත් අමුත්තා පිලිගැනීමට තමා නොයිවසිල්ලෙන් සිටින බවයි ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ

Related posts

බ්ලැක් පැන්තර් සමුගනී

Himal Samaranayake

තමන්නාටත් කොරෝනා

Himal Samaranayake

නේහා කක්කර් විවාහ වෙයි

Himal Samaranayake

Leave a Comment