තාරුණ්‍යයේ සංගීත රසය අර්ථරසයද ගැබ් වූ වෙනත් මානයක ඇතිබව මෑතකදී ජනප්‍රිය වූ ගීත අනුව අපට හදුනාගත හැකිය. එවන් ගීත නිර්මාණයට නූතන කලාකරුවන් යොමුවීමද අප රටේ අනාගතයට ඉමහත් අස්වැසිල්ලක් වනු නිසැකය.

දින කිහිපයකට පෙර ප්‍රේක්ෂකයා වෙත මුදාහැරුණු සජිත අනුත්තර ඇන්තනීගේ කලුවර නම් ගීතය පිළිබඳ මේවන විට සමාජයේ කතාබහක් නිර්මාණය වෙමින් පවතී. ඒ එම නිර්මාණයේ පදරචනය සංගීතය ගායනය මෙන්ම රුපරචනය නිසාවෙනි. මේවනවිට මෙමගීතය යූටියුබ් පරිශීලකයන් අතර වැඩිම වශයෙන් භාවිතා කරන වීඩියෝ අතරටද පැමිණ තිබේ.

මෙම ගීතයේ පද රචනය ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ වන අතර සංගීතය හා ගායනය සජිත අනුත්තර ඇන්තනී වේ. මෙහි රූපරචන අධ්‍යක්ශණය සජිත් ඇන්තනීගේම වන අතර කැමරාකරණය ජන්දන ජයසිංහ, සංස්කරණය පසන් තිලකවර්ධන, වර්ණසංයෝජනය දිනිදු ජාගොඩ, සහය අධ්‍යක්ශණය සරත් සේනාරත්න, සම්බන්ධීකරණය බුවනිකා මනීශා, කලා අධ්‍යක්ශණය උපුල් බණ්ඩාර නර්ථන නිර්මාණය කසුන් අයේශ් හා ගිහාන් උමේශ් විසින් සිදුකර ඇත.

මෙහි එන කතාව ප්‍රබන්ධ කතාවක් වන අතර මව විසින් වැදූ අවස්ථාවේම මහමග දමායන දරුවෙකු කෙමෙන්කෙමෙන් වැඩිවියට පත්වන විට සමාජයේදී අත්දකින ලිංගික කායික හා මානසික පීඩනයන් ඔස්සේ සමාජය තුලම වෛරී පුද්ගලයෙකු බවට පත්වන අයුරු පෙන්වා ඇත. ජන විවහාරයේ එන කලු කුමාර යක්ශයා මේ කතාවට ඈදමින් මෙහි නිර්මාණය සිදුකර තිබේ.

අතිශයම නිර්මාණශීලීව නිශ්පාදනය කර ඇති මෙම නිර්මාණයට විශාල ප්‍රේක්ෂක ආකර්ශණයක් හා ප්‍රතිචාර රැසක් ගලා එමින් පවතී. ලැබෙන ප්‍රතිචාර අතර මෙරට සුවිශිෂ්ට කලාකරුවන්ද සිටීම විශේෂ්‍යත්වයක්. මෙවැනි නිර්මාණ හා කලාකරුවන් මෙරට කලාව තුල අර්ථය ගුණාත්මකභාවය, ප්‍රමිතිගතභාවය වැනි බොහෝදේට අවධානය යොමු කරමින් නිර්මාණකාර්‍යයේ නියැලෙන්නේ නම් අගාධයට යන මෙරටකලාව සුපෝශිතවන දිනයවැඩි ඈතක නොවනු ඇත. 

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *