දකුණු ඉන්දීය ජනප්‍රිය සිනමා නිලියක වන කාජල් අග්‍රවාල් විවාහ වූ පුවත ඉන්දියාවෙන් වාර්ථාවෙනවා. සාම්ප්‍රදායික විවාහ මංගලෝත්සවයක් ලෙස පව්ලේ හිත මිතුරන්ට පමණක් මෙම උත්සවය සීමා වී තිබුණා. ඒ පවතින කොවිඩ් වසංගත තත්වය නිසා.

මීට පෙර දින කිහිපයේදී විවාහයේ පෙර උත්සවයන් හිදි ලබාගත් ඡායාරූප ඇගේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබුණා. ඒ නිසා ඇගේ විවාහය ගැන දැනගැනීමට රසිකයන් උනන්දු වී තිබුණා. අද (31) දින පැවති විවාහ මංගලෝත්සවය දකුණු ඉන්දීය සාම්ප්‍රදායික චාම් උත්සවක් බව පෙනෙන්න්නට තිබුණා.

කාජල් අග්‍රවාල් තෙලිගු, දමිල, හා හින්දි යන භාශාවලින් නිර්මාණය වූ චිත්‍රපට ගනනාවකින්ම ප්‍රේක්ෂකයා අතරට ආ නවක නිලියක්. මේ චිත්‍රපට කාණ්ඩ ත්‍රිත්වයේම ජනප්‍රිය වන්නට ඇයට හැකියාව ලැබුණා. 2004 වසරේසිටම චිත්‍රපට ශේෂ්ත්‍රයේ සිටින ඇය ෆිල්ම්ෆෙයාර්, දකුණු ඉන්දීය අන්තර්ජාතික සිනමා සම්මාන උලෙල, සිනමා සම්මාන, විජේ සම්මාන, ඇතුලු ප්‍රමුඛ පෙලේ සිනමා සම්මාන උලෙල ගනාවක සම්මාන සදහා නිර්දේශිත වන්නට මෙන්ම බොහෝ සම්මාන ප්‍රමාණයක් දිනාගන්නටත් ඇය සමත්වී තිබෙනවා. ඇය විසින් සිංගම් (2011) මාරි(2015) විවේගම් (2017) නායක්, ඩාලිං, මාර්සල්, කොමාලි, මිස්ටර් පර්ෆෙක්ට්,ස්පෙශල් 26, ඉන්දියන් 2,සිටා ඇතුලු සිනමා නිර්මාණ ගනනාවක දායක වී තිබේ.

ඇය අතිනත ගත් මනාලයා වන්නේ දකුණු ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන ගෞතම් කිච්ලු යන අයයි. ඔහු අභ්‍යන්තර සැලසුම් සහ ගෘහ අලංකරණ විසදුම් සම්බන්ධ ජනප්‍රිය වෙබ් ව්‍යාපාරයක්වන ඩිසයින් ලිවිං හි නිර්මාතෲ වරයෙකි. ඇගේ විවාහය මේවන විට දකුණු ඉන්දියානුන් සිනමා ප්‍රේක්ෂකයාගේ උනුසුම්ම පුවත වී තිබෙනවා.  

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *