26.5 C
Sri Lanka
Saturday, Jul 24, 2021
The Popcorns
Image default
Worldwide

හැරී පෝටර් විශ්වයෙන් එලියට විසිවුන ජොනී ඩෙප්

හැරී පෝටර් කතාමාලාවට සම්බන්ධ අතුරු කතාවක් ලෙස නිර්මාණය වන ෆැන්ටෑස්ටික් බීට්ස් චිත්‍රපටය පිළිබඳ පසුගිය දිනවල බොහෝ දෙනා කතාබහ කලා. ඒ කතාබහට වෙනස් මුහුණුවරක් එක් කරමින් පසුගිය දිනයකදී වාර්ථාවූයේ එම චිත්‍රපටයේ නිශ්පාදන සමාගම වන වෝනර් බ්‍රදර්ස් සමාගම විසින් එම චිත්‍රපටයෙන් ඉවතවන ලෙස සුපිරි බොලිවුඩ් නලු ජොනී ඩෙප්ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි. කෙසේ වෙතත් ජොනී ඩෙප් එම ඉල්ලීමට ගරු කරමින් චිත්‍රපටයෙන් ඉවත්වූ බව වාර්ථාවෙනවා. ඒ පිළිබඳ ඔහු ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිනුමේද සටහනක් තබා තිබුණා.

ජොනී ඩෙප් යනු හොලිවුඩ්පුරයේ ඉතාම ජනප්‍රිය නලුවෙකි. ඔහු විසින් රංගනයේ යෙදුනු පයිරේට් ඔෆ් ද කැරිබියන්, රැන්ගෝ, ද රම් ඩයරි, සීක්‍රට් වින්ඩෝ, ද නයින්ත් ගේට් , ඩෙඩ් මෑන්, චාර්ලොට් ආදී නිර්මාණ ගනනාවක් ලොව පුරා ප්‍රේක්ෂකයා ඉතාමත් ආදරයෙන් වැලදගත් නිර්මාණ අතර වුනා. 57 හැවිරිදි මෙම නලුවා හැරී පෝටර් කතා මාලාවේ නවතම අතුරු කතාව සදහා සම්බන්ධ වන බවට සදහන් වුනත් මෙම මේ සිදුවීම් වලින් පසුව ඔහු ඉවත්ව ඇතැයි සදහන්.

මෙම සිදුවීමට මූලික වන්නේ ඔහුගේ පැරණි බිරිද සමග පවතින නඩු විභාගයක්. 2016වසරේ ඔහු විවාහ වූ ඇම්බර් හාඩ් ඔහුට කායික හා මානසික හිරිහැර කරන බවට චෝදනා කර නඩු පැවරීමෙන් පසු ඔහු පිළිබඳ විශාල කතාබහක් නිර්මාණය වූවා සේම ඔහුට විශාල චෝදනා රැසක්ද එල්ල වුනා. ඔහු බිරිදට පහරදෙන අසත්පුරුශයෙකු ලෙසත් සමජය තුල කතාබහ නිර්මාණය වුනා. කෙසේ වෙතත් පසුව 2019 වසරේදී ඔවුන් දික්කසාද වී තිබුණා. මේ කතාව මෙම චිත්‍රපටය සමග සම්බන්ධ වන්නේ මෙම කතාවේ රචකයා වන ජේ කේ රෝලිං ගේ පව්ලේ අයෙකු ද සන් පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ජොනී ඩෙප්ට බිරිදට පහර දෙන්නා ලෙස සදහන්වීමත් සමගයි. මේ සිදුවීම සම්බන්ධව ජොනී ඩෙප් විසින් සන් පුවත් පවතට එරෙහිව නඩු පවරා තිබෙනවා. නමුත් ඔහුගේ පෙර නඩු විභාගයන් සමග සංසන්දනය කරන විට ඔහු බිරිදට පහරදීම වැනි චෝදනා වලට ලක්ව ඇති නිසා අධිකරණය නඩුව නිශ්ප්‍රභ කරනු ලැබුවා. කෙසේ වෙතත් මෙම කතාබහට ජේකේ රෝලිං සම්බන්ධ වීමත් නිසා මෙම චිත්‍රපටයෙන් ඉවත්  වන ලෙස වෝනර් බ්‍රදර්ස් සමාගම ජොනී ඩෙප් ගෙන් ඉලීමක් කර තිබුණා. එයට ප්‍රතිචාර දක්වමින් ජොනී ඩෙප් එම චිත්‍රපටයෙන් ඉවත්වී තිබෙනවා.

කෙසේ වෙතත් චිත්‍රපටයෙන් ඉවත්වීම සදහන් කල ජොනී ඩෙප් ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිනුමේ සදහන් කලේ ” මාගේ ජීවිතය හා වෘත්තීය මේ මොහොත විසින් තීරණය නොකරනු ඇත” යනුවෙනි.  

Related posts

ප්‍රථම වරට දීපිකා ප්‍රතිවීර චරිතයකින් ?

Himal Samaranayake

93 වන ඇකඩමි සම්මාන උලෙල 26 දා

Himal Samaranayake

සයිෆ් – කරීනා යුවලට ලැබුණු අලුත් තෑග්ග

Himal Samaranayake

Leave a Comment