TV SHOW

ටෙලි තිරය අරුත්ගැන්වූ ගිරිදේවිය නික්ම යයි.

සිංහල ටෙලි නිර්මාණ පිළිබඳ ඍණාත්මක කතාබහක් ඇතිවන කාල වකවානුවක ස්වාධීන රූපවාහිනී තිරය ඔස්සේ වඩාත් අර්ථාන්විත ටෙලි නිර්මාණ කිහිපයක් අපට දැකගන්නට හැකිවිය. ඒවා වැඩි ප්‍රේක්ෂක ප්‍රමාණයක් නැරබීම කලාත්මක නිර්මාණ නිර්මාණකරුවන් ලැබූ ජයග්‍රහනයකි. ඒ අතර තණමල්විල කොල්ලෙක් සත්‍යා, ගිරිදේවී ඉහලින්ම සිටියේය. ගිරිදේවී ටෙලි කතා මාලාව පසුගිය සතියේ නිමාව දුටුවේ ජනප්‍රිය මෙන්ම ප්‍රබුද්ධ යන ප්‍රේක්ශකාගාර දෙකම එකම සීමාවකට ගෙන එමිනි.

මාර්තු 22වන දින සිට සෙනසුරාදා සහ ඉරිදා  රාත්‍රී 8.00ට ස්වාධීන රූපවාහිනී තිරයට ආ ගිරිදේවිය මෙරට ප්‍රේක්ෂකාගාරයට අර්ථාන්විත කලා නිර්මාණයක රසය පෙන්වාදුන්නේය. පියෙකු නැතිව සමාජයේ තාඩන පීඩනයන්ට ලක්වන නව යොවුන් වියේ තරුණියකගේ කතාව මේ තුලින් දිගහැරුනි. සමාජ පීඩනයන් මත කාන්තාව යක්ශණියක වන හැටි, සමාජයේම වැරදි නිසා අසරණ වූ දැරියක් සමාජයම පිලිකුල් කරන හැටිත් ඇය ඒ සමාජයට එරෙහිව නැගීසිටින හැටිත් මේ කතාසාරයෙන් මනාව පෙන්වා දෙන්නට සමත් විය

ගිරිදේවී ගැන කතාකරන විට වඩාත්ම කතාබහට ලක්වූ චරිතය ශලනි තාරකාය. ගිරිදේවි තුලින් ජනප්‍රිය ලේබලය යටතේ සිටි ශලනිතාරකා ප්‍රවීන ලේබලයට ගෙන එන්නට පුළුවන් විය. ශලනි තාරකාගේ රංගන පරාසයේ ප්‍රේක්ෂකයා නොදුටු තැන් ප්‍රේක්ෂකයාට පෙන්වන්නට ශලනිට හැකියාව ලැබිණි. මෑතකාලීනව ශලනි තාරකා නිරූපනයකල හොදම රංගනය මෙය බව නිසැකය. එය ඒ තරමටම ප්‍රේක්ෂකයාගේ සිත්වලට කාවද්දන්නට ශලනි තාරකාට හැකිවිය. කතාවේ ප්‍රධාන චරිතය වූ ගිරිදේවී නොහොත් ආශා ලෙසින් ඇය මේ කතාව්ට එක්විය. ශලනිට අමතරව මේ කතාවේ චරිත නිරූපනය කල අනෙකුත් රංගන ශිල්පීන් ගැනද විශේශයෙන් කතාකලයුතුය. තමාට ලැබුණු චරිතට උපරිම සාදාරණය කරන්නට ඔවුන් සියල්ලටම හැකිවී තිබිනි. එය මේ නාට්‍යයේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුව වූවා නිසැකය.

චරිත හා නිර්මාණකරුවන්

ශලනි තාරකාට අමතරව දසුන් පතිරණ, අනුරාධා එදිරිසිංහ, පූජන දන්දෙනිය, චමීර ලියනගේ, නිරෝශන් විජේසිංහ, නෙතලි නානායක්කාර, මාධනී මල්වත්ත, සමන්ත කුමාර ගමගේ, වසන්ත වීට්ටච්චි, නයනා හෙට්ටිආරච්ච, ඇතුලු රංගනශිල්පීන් ගනනාවක් මේ ටෙලි නාට්‍යය සාර්ථක කරගැනීමට සියරංගනයෙන් උපරිම සාධාරණයක් කර තිබිණි.

මේ සාර්ථක ටෙලි නිර්මාණය පිටුපස නිර්මාණය සාර්ථක කරගන්නට වෙරදැරූ නිර්මාණකරුවන් බොහෝදෙනෙකු වෙයි. ඔවුන් සියල්ලගේම දාඩිය කැපකිරීම් මත මේසා වූ උසස් ගුණාත්මක නිර්මාණයක් අපට නැරඹීමටහැකිවිය. මෙහි අංගරචනය ප්‍රියන්ත එස් වන්නිනායක, සංගීතය සතිශ් සුරේන්ද්‍ර, කලා අධ්‍යක්ශණය මංගල ප්‍රනාන්දු, සහය අධ්‍යක්ශණය වාසල බණ්ඩාර, කැමරා අධ්‍යක්ශණය ඉන්දික ලක්මාල්, තිර රචනය සමන්ත කුමාරගමගේ, නිශ්පාදනය ශ්‍රීනාත් චම්පක පෙරේරා හා සම්පත් වීරකෝන්ය. මේ කතාවට පාදක වී ඇත්තේ ශාන්ති දිසානායක නම් ලේඛිකාව රචිතගිරිදේවී නවකතාවයි. මෙම ටෙලි නිර්මාණය අධ්‍යක්ශණය කර තිබුණේ ඉන්දික ධර්මතිලක විසිනි. යක්ශණියක වූ ගැහැනියකගේ ස්වයංවරය තේමාව යටතේ මෙය විකාශය විය.

මේ නිර්මාණය මෑතකාලීනව ලංකාවේ නිර්මාණය වුනු වඩාත් නිර්මාණශීලී නිර්මාණය කිහිපය අතර වඩා ඉහලින් පවතින නිර්මාණයකි. 2019 රයිගම් ටෙලි සම්මාන උලෙලේ ජනප්‍රියම නිලිය ලෙසිනුත් සම්මාන දිනාගන්නට ශලනි තාරකාට මෙම නිර්මාණය වඩා උපයෝගී වූ බව මතක් කල යුතුය. ඒ බව ඇයද එම සම්මානය ගත් අවස්තාවේ පවසනු දක්නට ලැබිණි.

මාර්තු 22වනදා සිට දෙසැම්බර් 13 දක්වා කොටස් 80ක් සහිතව විකාශය වූ ගිරිදේවී නාට්‍ය ප්‍රේක්ෂකයාට හැගුම්බර අවසානයක් සහිතව අවසන්විය. මෙවැනි අර්ථාන්විත නිර්මාණ අවම වශයෙන් නිර්මාණයවන කාලවකවානුවක මෙවැනි නිර්මාණයක උනුසුම විදින්නට අර්ථාන්විත කලාවට ලැදි ශ්‍රී ලාංකික ප්‍රෙක්ෂකයා බලාසිටිනු නොඅනුමානය. මේ කලාවූ නිර්මාණය වෙනුවෙන් නිර්මාණ කණ්ඩායමටත්, ගිරිදේවී නවකතාවේ අපේ සිත්වල සිටි චරිත ජීවමාන කල රංගශිල්පී කැලටත් මෙවැනි අර්ථාන්විත නිර්මාණයන්ට අවස්තාව දුන් ස්වාධීන රූපවාහිනී නාලිකාවටත් ස්තූතිය පුදකලයුතුය.  

Related posts

ගිරිදේවිය ගැන ශලනිගේ අවසන් සටහන

Himal Samaranayake

තණමල්විල කොල්ලාද? රාවණාද? දෙවෙනි ඉනිමද ? ප්‍රේක්ෂකාගාරය උණුසුම්

Himal Samaranayake

සුනිල් කොස්තාගෙන් අලුත් ට්‍රෙන්ඩ් එකක්

Himal Samaranayake

Leave a Comment