උදයකාන්ත වර්ණසූරිය සිංහල සිනමාවේ මෑත යුගයේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ආ නිර්මාණ රැසක අධ්‍යක්ශකවරයාය. ඔහුගේ ආසයි මං පියාබන්න, බහුබූතයෝ, බන්ධනය ආදී බොහෝ නිර්මාණ මෙරට ප්‍රේක්ශකයා ඉතාම ආදරයෙන් වැලදගත්තා. මෙරට වානිජ සිනමාවේ දැවැන්තයෙකු ලෙස ඔහුව හැදින්වීම වරදක් නොවේ.

ඔහුගේ ජනප්‍රියත්වයට පත් නිර්මාණ අතර බහුබූතයෝ සිනමා පටයට හිමිවන්නේ විශාල ඉඩක්. නිවසට ආ අමනුෂ්‍ය ගැහැනියක් එලවාගන්නට දගලන බෝඩිම් කරුවන් දෙදෙනෙකු පිළිබඳ බහුබූතයෝ චිත්‍රපටයෙන් විස්තර වෙයි. එම චිත්‍රපටය ප්‍රේක්ෂකයාගේ ඉහල ජනප්‍රියත්වයට පත්වීම නිසාම ඔහු විසින් බහුබූතයෝ 2 ගින්දරී නමින්  එහි දෙවෙනි අදියර ගෙන ආවා. එයද මෙරට අතිශය ජනප්‍රියත්වයට පත්වූ නිර්මාණයක් බවට පත්වුනා. හාස්‍ය රසයෙන් ප්‍රේක්ෂකයා වෙත ලගාවූ මෙම නිර්මාණ 2ටම ලැබුනු ප්‍රතිචාර මත ගින්දරී 3 නමින් එහි තුන්වන අදියර ගෙන ඒමට අධ්‍යක්ශක වරයා වන උදයකාන්ත වර්ණසූරිය මහතා සූදානම් වනවා.

මෙම චිත්‍රපටයේ තිර පිටපත හා අධ්‍යක්ශණය උදයකාන්ත වර්ණසූරිය මහතා වන අතර කේ.ඩී දයානන්ද කැමරා අධ්‍යක්ශණයෙන්ද, ප්‍රවීන් ජයසිංහ සංස්කරණයෙන්ද දායක වනවා ඊට අමතරව කලා අධ්‍යක්ශණය අරුන් ඩයස්ද, සහය අධ්‍යක්ශණය ඩොනල්ඩ් ජයන්තද එක්වනවා.චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ශණය ආනන්ද පෙරේරා වන අතර වේශ නිරූපනයෙන්  නලින් ප්‍රේමතිලක දායකවී තිබෙනවා.

චිත්‍රපටයේ රංගන ශිල්පීන් ලෙස සුපුරුදු පරිදි ටිකිරිගේ චරිතය පබෝදා සන්දීපනීද බන්ටි හා ලැන්ටිගේ චරිත රොඩ්නි වර්ණකුල හා මහේන්ද්‍ර පෙරේරාද නිරූපනය කරනවා. ඊට අමතරව චූලක්ශි රණතුංග,ශ්‍රීනාත් මද්දුමගේ, සමන් හේමරත්න, රිචඩ් මානමුදලි,ටීනා ශෙනෙල් ප්‍රනාන්දු, සුනීතා විමලවීර,චන්චලා වර්ණසූරිය, නිල්මිණි කෝට්ටගොඩ, සරත් කොතලාවල,දිලිප් රෝහණ හා ආනන්ද අතුකෝරල රංගනයෙන් එක්වන්වා.

ගින්දරී 3 ලගදීම සිනමාහල්වල දැකගත හැකිය. 

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *