Entertaiment MUSIC

සිහින කිරුල ෆැලන්ට

මෙරට රියැලිටි ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය ත්‍යාගය පිරිනමමින් දෙරණ සිහින තරුව 9වන අදියර නිමාවට පත්වුනා. එයද වාර්ථා අලුත් කරමින් නිමාවීම විශේෂ්‍යත්වයක්. ලක්ශ්‍ය සංඛ්‍යාත තරගරුවන් අතරින් අවසන් තරගකරුවන් 3 දෙනා ඊයේ තරග වැදුනා. පැරණි ඩ්‍රීම්ස්ටාර් තරු සමග ඩ්‍රීම්ස්ටාර් තරග බිමේ පැමිණි තරග කරුවන් රැසක් ඊයේ රාත්‍රීය වර්ණවත් කලා.

මෙවර තරගාවලියේ විශේෂ්‍යත්වයක් වූයේ ඉතිහාසයේ පලමු වතාවට අවසන් මහාතරගයට කාන්තා නියෝජනයන් දිත්වයක් සහභාගී වීමයි. ඒ කලුතරින් ෆැලන් ඇන්ඩ්‍රියා ජැන්සන් හා නාරම්මලින් තරග බිමට ආ නුවන්දිකා සේනාරත්නයි. ඔවුන් දෙදෙනාට අමතරව වාරියපොලින් තරග බිමට ආ අවසන් මහාතරගයේ එකම තරගකරුවා වූ ගිහාන් බණ්ඩාර තරග බිමට පිවිසියා.

කෙසේ වෙතත් තරගාවලි 9 තුල දෙවන අදියරේදී සිහින තාරකාව වූ උපේකා නිර්මාණිගෙන් පසු සිහින තාරකාවක් අභිශේකගන්වමින් ෆැලන් අන්ඩ්‍රියා ඊයේ සිහින තාරකාව ලෙස කිරුලු පැලදියා. දෙවන  ස්ථානය නාරම්මලින් පැමිණි නුවන්දිකා සේනාරත්න සමත්වුනා. තුන්වන ස්ථානය ගිහාන් බණ්ඩාර සමත්වුනා.

රටේ ප්‍රවීන ගායක ගායකයන් මෙන්ම කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් මෙවර අවසන් මහා තරගයට සහභාගී වුනා.  

Related posts

ගංකාරයන්ට විශිෂ්ටතා සම්මාන : ශලනිගෙන් වාර්ථවක්

Himal Samaranayake

රයිගම් සම්මාන : නිර්දේශිත නාමයන්

Himal Samaranayake

දැන් ඉන්දුනීසියාවෙත් මට රසිකයන් ඉන්නවා

Himal Samaranayake

Leave a Comment