ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍ය නාලිකා විවිධ රියැලිටි තරග සංවිධානය කරයි. ඒ අතර වැඩිම වතාවක් පැවති රියැලිටි තරගාවලිය ලෙස පසුගියදා නිමාවූ දෙරණ Little Star තරගාවලිය වාර්ථා අතරට එක්වුනා. දෙරණ මාධ්‍ය නාලිකාව මගින් පවත්වන ජනප්‍රියම රියැලිටි තරගාවලිය ලෙස හදුන්වන්නේ දෙරණ Dream Star තරගාවලියයි. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ 9 වන වතාවට වීම විශේෂ්‍යත්වයක්.

දිවයින පුරා විසිරී පවතින ලක්ශ සංඛ්‍යාත තරගකරුවන් අතරින් විනිශ්චය මණ්ඩලය තරගකරුවන් 48 දෙනෙකු තෝරා පත්කර ගන්නා අතර එම තරගකරුවන් අතරින් වටයෙන් වටය ජයග්‍රාකයන් තෝරාගෙන අවසන් රාත්‍රීය දා එක් තරගකරුවෙකුට කිරුලු පැලදවීමට ප්‍රේක්ෂකයාට අවස්ථාව හිමිවනවා. එලෙස ලක්ශ සංඛ්‍යාත තගකරුවන් අතරින් මෙවර තරගාවලියේ අවසන් මහාතරගයට තරගකරුවන් තිදෙනෙක් තේරීපත්ව සිටී. නාරම්මලින් තරග වදින නුවන්දිකා සේනාරත්න, කලුතරින් තරග වදින ෆැලන් ඇන්ඩ්‍රියා ජැන්සන් වගේම වාරියපොලින් තරගවදින ගිහාන් බණ්ඩාර එම තරගකරුවන් තිදෙනායි. මෙවර තරගාවලියේ විශේෂ්‍යත්වය වන්නේ Dream Star තරග ඉතිහාසයේ පලමු වතාවට අවසන් මහා රාත්‍රීය වෙනුවෙන් කාන්තා චරිත දිත්වයක් සුදුසුකම් ලබාසිටීමයි. ඒ නුවන්දිකා හා ෆැලන් ය.

මෙවර තරගාවලියේ අවසන් මහා රාත්‍රිය සැප්තැම්බර් 19දා සවස 7.30 ට පැවැත්වීමට නියමිතයි. එය දෙරණ නාලිකාව ඔස්සේ ඔබට සජීවීව නැරබීමට හැකිය. ජයග්‍රාකයන් තේරීමේ වගකීම ප්‍රේක්ෂකයාට පැවරෙන අතර ඔබේ SMS මනාපය ඒ සදහා යොදාගත හැකිය. DDS ( හිස්තැනක් ) තරගකරුවාගේ අංකය යොදා 9900ට හැකිතාක් SMS කල හැකිය. SMS වලංගු වන්නේ එදින රාත්‍රීයදී පමණි. තරගකරුවන්ගේ අංක නම් ගිහාන් බණ්ඩාර අංක 1, ෆැලන් ඇන්ඩ්‍රියා අංක 2 හා නුවන්දිකා සේනාරත්න අංක 3 වේ .

Dream Star ඉතිහාසයේ සිහින කිරුල පලදින්න වරම් ලැබී ඇත්තේ තවමත් එකම කාන්තා නියෝජනයකට පමණි. ඒ උපේකා නිර්මාණිය. අනෙක් තරගාවලි 7 උදේශ් ඉන්දුල, කෙශාන් ෂශින්ද්‍ර, සසිදු විජේසිරි, MG දනුෂ්ක, ජනිත් ඉද්දමල්ගොඩ, සුනීර සුමංග හා තනුරමධුගීත් දිනාගනු ලැබුවා. නමවන සිහින කිරුලේ හිමිකරුවා හෝ හිමිකාරිය 19දා රාත්‍රියේ අපට දැනගත හැකි.

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *