සියදිවි නසාගැනීමෙන් මියගියායැයි වාර්ථාවූ ජනප්‍රිය ඉන්දීය නලු සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සමග බොලිවූඩයේ රහස් රැසක් එලිවන්නට පටන්ගෙන තිබෙනවා. සුසාන්ත්ගේ මරණයෙන් පසු වාර්ථාවූ තොරතුරු ගලායාම විවිධ අවස්ථාවල විවිධ දිශාවන්ට ගලාගියා. දැන් එහි අලුත්ම තත්වය නම් සුශාන්ත් සිං රාජ්පූට් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයකට සම්බන්ධ කරගැනීමට උත්සහා දරා ඇති අතර ඔහු එය ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුව සියදිවි නසාගැනීමට පෙලබවීමට ලක්කර ඇති බවයි.

මේ සම්බන්ධව ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වන්නේ ඔහුගේ පෙම්වතිය බව පැවසෙන රියා චක්‍රබෝර්තිටයි. රියාගේ ජංගම දුරකථනය පරික්ශාවට ලක් කිරීමේදී එහි පැවති වට්සැප් සංවාද කණ්ඩායම් මගින් බොලිවූඩ් තරු මතට හුරුකර ගැනීමේ ව්‍යාපාරයක් ගැන වාර්ථාවී ඇත. මේ සංවාදයන් හරහා කරගෙන යනු ලබන පරීක්ශන අනුව බොලිවූඩයේ සුපිරි තරු ගනනාවක් ප්‍රශ්ණකිරීම් සදහා කැදවා තිබෙනවා.

ඒ අතර බොලිවූඩයේ වර්ථමාන නිලි රැජින ලෙස සැලකෙන දීපිකා පදුකෝන්ද ඇතුලත්. ඇයට අමතරව ප්‍රවීන නලු සයිෆ් අලි කාන්ගේ දියනිය වන ජනප්‍රිය නිලි සාරා අලි කාන් , ශර්ධා කපූර් ඇතුලු බොලිවූඩයේ ප්‍රභල චරිත රැසක් ඇතුලත්. ඊට අමතරව සුසාන්ත්ගේ මරණය පිළිබඳ මුල සිටම චෝදනා එල්ලවූ බොලිවුඩ් සිනමා අධ්‍යක්ශක මෙන්ම නිශ්පාදකයෙකු වන කරන් ජොහාර්ගේ නිශ්පාදන සමාගමවන ධර්මා ප්‍රඩක්ශන් හි විධායක නිශ්පාදකවරයෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාර්තාවන තොරතුරු අනුව බොලිවූඩයේ තරු අතර මත්ද්‍රව්‍ය ජාවාරම ඉතා රහසිගත  හා තියුණු ලෙස පැතිර තිබෙනවා. ඒ හරහා නවක මෙන්ම ජනප්‍රිය තරු රැසක් මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වීඇති අතර ඇබ්බැහි නොවන්නන්ගේ රංගන ජීවිතය විනාශවී තිබෙනවා.  

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *