2018 වසරේ තිරගත වූ චිත්‍රපට අතර මලිත් හෑගොඩගේ දැකල පුරුදු කෙනෙක් චිත්‍රපටය ගැන බොහෝ දෙනෙක් අතර කතාබහ වුනා. ප්‍රේක්ෂක හා විචාරක පැසසුම් මැද එම වසරේදී මෙම චිත්‍රපටය සාර්ථක ලෙස තිරගත වුනා. කෙසේ නමුත් නැවත වතාවක් ප්‍රේක්ශකයාට දැකලා පුරුදු කෙනෙක් නැරබීමට අවස්ථාව උදාවී තිබෙනවා. ඒ PVR ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මෙන්.

අගෝස්තු 21 වනදා ඇරඹුණු ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම මගින් තිරගත වීම් අවසන් කල වැඩි ප්‍රේක්ෂකය ආකර්ෂණයක් ලැබූ නිර්මාණ නැවත තිරගත කරනු ලැබුවා. ඒ අනුව දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටය සැප්තැම්බර් 10 දක්වා එහි ප්‍රදර්ශණය වීමට නියමිතව තිබූ අතර සංවිධායකයන් එය තවත් දීර්ඝ කරමින් සැප්තැම්බර් 17 දක්වා ප්‍රේක්ෂකයාට නැරබීමට අවස්ථාව ලබාදී තිබෙනවා. රුපියල් 300ක සහනදායි මිලකට සුඛෝපභෝගී PVR සිනමාහලේදී ඔබට නැරබීමට හැකී. ONE GALLEFACE සාප්පු සංකීර්ණයේ මෙම PVR සිනමාශාලාව පිහිටා තිබෙනවා.

බිමල් ජයකොඩි, සමාධි ලක්සිරි, කෞශල්‍යා ප්‍රනාන්දු, දයාදේව එදිරිසිංහ, ලක්ශ්මන් මෙන්ඩිස්, චමිලා පීරිස් ඇතුළු පිරිසක් රංගනයෙන් එකතුවන මෙම නිර්මාණය බූපති නලීන් වික්‍රමගේගේ තිර රචනයක් වන අතර අධ්‍යක්ශණය මලිත් හෑගොඩගෙනි. සැප්තැම්බර් 11-17 දක්වා සවස 5.15ට ONE GALLEFACE හි PVR සිනමා ශාලාවේදී.

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *