ලෝකප්‍රකට බ්ලැක් පැන්තර් සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපනයකල හොලිවුඩ් සිනමා නලු “චැඩ්වික් බෝස්මන්” අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඔහු 43 වන වියේ පසු වුනා.

1976 නොවැම්බර් 29 වන දින ඇමරිකානු කලු ජාතිකයෙකු ලෙස උපත ලබන චැඩ්වික් 2003 වර්ශයේ සිට 2020 වර්ශය දක්වා සිනමාවේ රැදීසිටි චරිතයක්. බ්ලැක් පැන්තර් , ඇවෙන්ජර්ස්, 42, මැසේජ් ෆ්‍රොම් ද කිංග්, ඔහු රගපෑ නිර්මාණ අතර ඉහලින් පැවති නිර්මාණයි.

කෙසේ වෙතත් 2016 වසරේ සිට පුරා වසර 4ක් පිළිකා රෝගියෙකු ලෙස පීඩා විදි ඔහු අද ( අගෝස්තු 29) දින ඔහුගේ නිවසේදී මියගොස් තිබෙනවා. මේ පිළිබඳ ඔහුගේ ලොව පුරා සිටින රසිකයන් ශෝකාකූල වී ඇති අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ පලකරණ දැන්වීම් හරහා දැකගන්න පුළුවන්.  

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *