පසුගිය රයිගම් සම්මාන උලෙලේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය, හොදම නලුවා, නැගී එන නිලිය ආදී සම්මාන රැසක් දිනාගත් සුදු ඇදගෙන කලු ඇවිදින් ටෙලිනාට්‍යයේ අධ්‍යක්ශක සුනිල් කොස්තා මහතාගේ අලුත්ම නිර්මාණය මේ දිනවල ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වනවා. එය නම් කර ඇත්තේ CAN YOU HERE ME යනුවෙනි. විකාශණය ආරම්භ වී දින කිහිපයක් පමනක් ගතවී ඇතත් මේ වන විට විශාල ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනාගන්නට මෙම නිර්මාණය සමත් වී තිබෙනවා.

යුගයේ ජනප්‍රිය මෙන්ම සම්මානනීය ටෙලි තරු රැසක් මෙම නිර්මාණයට දායක කරගෙන තිබීම විශේෂ්‍යත්වයක්. ඒ අතර මෙවර රයිගම් ටෙලි සම්මාන උලෙළේදී වසරේ ජනප්‍රියම මෙන්ම හොදම නිලිය ලෙසත් සම්මාන ලැබූ ශලනි තාරකා, වසරේ විශිෂ්ටතම නලුවා ලෙස සම්මාන ලැබූ ආනන්ද කුමාරෞන්නැහැ, වසරේ නැගී එන නිලිය ලෙස සම්මාන ලැබූ මිශෙල් දිල්හාරා මෙන්ම මදුශානි වර්ණසූරිය, දුලාන් මංජුල, ගෙවින් අභිශේක්, සමිත සුධීශ්වර, ශාලිත ගුණවර්ධන  ආදී මෑත කාලීනව කතාබහකට ලක්වූ රංගනයන් ඉදිරිපත්කල නවක රංගන ශිල්පීන් රැසක්ද එක්වනවා. ඔවුන්ට අමතරව මෙරට ප්‍රවීන රංගන ශිල්පීන් රැසකින්ද මෙම ටෙලිනාට්‍යමාලව සමන්විතයි. රොජර් සෙනෙවිරත්න, දිල්හානි  අශෝකමාලා ඒකනායක, ලක්ශ්මන් මෙන්ඩිස්, වීනා ජයකොඩි, උමයංගනා වික්‍රමසිංහ, නිරෝශන් විජේසිංහ, ප්‍රියංකර පෙරේරා,අජිත් ලොකුගේ, චින්තක කුලතුංග, ගිහාන් ප්‍රනාන්දු, මාලි ජයවීරගේ, සම්පත් ජයවීර, සෝමවීර ගමගේ, ඇතුළු ප්‍රවීන තරු රැසක් මෙයට දායක වනවා.

මෙහි තේමා ගීතයද මේවන විට ප්‍රේක්ෂකයා අතර කතාබහකට ලක්වී ඇති අතර එය උපේකා නිර්මාණි හා චන්දුමාල් ප්‍රනාන්දු ගායනය කරනවා. එහි රචනය නුවන් ජූඩ් ලියනගේ විසිනි. සංගීතය දිනේශ් සුභසිංහ විසිනි. අංග රචනය වසන්ත පූර්ණවංශ, කලා අධ්‍යක්ශණය අජන්ත අලහකෝන්, සංස්කරණය ශාන් අල්විස්, ආලෝකකරණය හා කැමරාකරණය සිසිකිරණ පරණවිතාන, නිශ්පාදනය චින්තක කුලතුංග ලෙස මෙහි නිශ්පාදන කණ්ඩායම හදුනන්නට පුළුවන්. රූපවාහිනී රචනය හා අධ්‍යක්ශණය සුනිල් කොස්තා විසිනි. මෙහි නිශ්පාදන කණ්ඩායමේ හා රංගන ශිල්පීන්ගේ බොහෝ දෙනෙකු සුදු ඇදගෙන කලු ඇවිදින් ටෙලි නාට්‍යයේ පිරිසම වීම විශේෂ්‍යත්වයක්.

මෙම ටෙලිනාට්‍ය ආරම්භ වන්නේ CAN YOU HERE ME – Season 1 අහන්න කෙනෙක් නෑ ලෙසිනි. එම නිසා මෙය කතාමාලා කිහිපයක් සහිත නිර්මාණයක් වියහැකිය. මෙම නිර්මාණය මේ වනවිටත් ජාතික රූපවාහිනිය ඔස්සේ සදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 9 ට දැකගන්නට පුළුවන්. 

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *