NEWS Social Media TV SHOW

බණ්ඩාරවෙලදී මොකද උනේ ? ශලනි පැහැදිලි කරයි

මේදිනවල රටපුරා පවතින කොවිඩ් වසංගත තත්වය නිසා එහි වැඩි ව්‍යාප්තියක් පවතින බස්නාහිර පලාතට සංචරණය සීමා පනවන්නට රජය පසුගියදා තීරණය කලා. එම සංචරණ සීමා ගැන නිවේදනය වීමත් සමග බස්නාහිර පලාතේ ඇතැම් පිරිස් පලාතෙන් පිටවී සංචාරක නිකේතන වලට ගොස් තිබීම සමාජයේ දැඩි කතාබහකට ලක්වුනා. ඒ අනුව එලෙස පිටවූ පිරිස්වලට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සදහන් කලා.

තත්වය මෙසේ තිබියදී මෙලෙස බණ්ඩාරවෙල ප්‍රදේශයට රූගතකිරීම් සදහා ගිය ටෙලිනාට්‍ය කණ්ඩායමක් නිරෝධායනය සදහා යොමුකර ඇති බවත් ඒ තර මෙරට ජනප්‍රිය නිලියකද සිටින බවට වාර්ථාකරමින් සමාජමාධ්‍ය ඔස්සේ පුවතක් ප්‍රචාරය වුනා. ඒ පුවතින් වක්‍රාකාරව සදහන් කර තිබුණේ ශලනි තාරකා ඇතුළු Can you here me ටෙලිනාට්‍ය කණ්ඩායමයි. ඒ පිළිබඳ පුවත සැලවීමත් සමග එය අසත්‍ය පුවතක් බවත් තමන් එලෙස නිරෝදායනය සදහා ලක්කර නැතිබවත් එලෙස පැවසූ පිරිස් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නාබවත් පවසමින් ශලනි තාරකා ඇතුළු එම කණ්ඩායමෙන් තොරතුරුක් පැමිණියා. ඊට අමතරව සිදුවූ තත්වය පිළිබඳ සැබෑ තොරතුරු පැවසීමට ඔවුන් ෆේස්බුක් ඔස්සේ සජීවීව ප්‍රේක්ෂකයා සමග සම්බන්ධ වන බව පවසා තිබුණා.

කෙසේ වෙතත් තාක්ශණික කාරණාමත සජීවීව සම්බන්ධ වීමට නොහැකි වුනත් ශලනිතාරකා විසින් ඇගේ සමජමාධ්‍ය ගිනුම හරහා සිද්දිය පැහැදිලි කරමින් වීඩියෝ පටයක් එක් කර තිබුණා. එහි සදහන් වූයේ. එම ටෙලිනාට්‍යයේ පලමු අදියරේ රූගත කිරීම් ඔවුන් විසින් බණ්ඩාරවෙලදී අවසන් කර නැවත කොළඹ පැමිණ දෙවන වතාවේ නැවතත් බණ්ඩාරවෙලට පැමිණ ඇති බවයි. නමුත් යලි ඔවුන් එලෙස පැමිණීමේදී රූපවාහිනී සංස්ථාව මගින් නිකුත්කල අවසර පත්‍රය හා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත්කල කලාකරුවන් සදහාවූ අවසර පත්‍රය සමග අවසර රැගෙන පෙර සූදානමක්ද සහිතව එහි පැමිණි බව ඇය ප්‍රකාශ කරනවා. 

රූගත කිරීම් සිදුවන ප්‍රදේශයේ අසල්වාසීන්ගෙන් කිසිදු බාදාවක් නොවූ බවත් නමුත් එහි පැමිණි සෞඛ්‍ය නිලධාරීන් හා පොලිස් නිලධාරීන්ගේ ඉල්ලීම මත රූගතකිරීම් නවතා දමා නැවත රැදීසිටි හෝටලයට පැමිණි බව ඇය සදහන් කලා. එහිදී ඔවුන්ව PCR පරීක්ශන සදහා යොමුකල බවත් එහි ප්‍රතිපල ලැබෙන තුරු ඔවුන් බලාසිටින බවත් ඇය සදහන් කලා. එහි වාර්තාව ලැබුනු පසු රූගත කිරීම්වල ඉදිරි කටයුතු තීරණය කරන බව ඇය පවසනවා. කෙසේ වෙතත් ශලනි මෙහිදී සදහන් කරන්නේ තමා ඇතුළු මෙහි පැමිණි 25 දෙනෙකුගෙන් යුතු පිරිස නීතිවිරෝධීව හෝ අවසර නොමැතිව මෙහි පැමිණ නොමැති බවයි.

අද දින ප්‍රායෝගික දෝශමත සජීවීව සම්බන්ධ වීමට නොහැකි වුවත් නොබෝ දිකකින් සජීවීව ප්‍රේක්ෂකයා සමග සම්බන්ධ වෙමින් පවතින තත්වය පිළිබඳ තොරතුරු බෙදාගන්නා බව ඇය සදහන් කලා.  

Related posts

ආනන්ද ෆොන්සේකා දිවිගමන නිමා කරයි.

Himal Samaranayake

හොඳම නඵවාට හිමි සම්මානය ශාම්ට

Ransika Jayakody

සිනමා සොම්නස විදින්නට 4 වනදා සිට 8 වනදා දක්වා ලිබර්ටි එන්න

Himal Samaranayake

1 comment

720p December 10, 2020 at 7:46 am

This post presents clear idea in favor of the new people of blogging, that in fact how to do blogging. Henka Sonnie Leitman

Reply

Leave a Comment