Helawood MOVIE

වෙඩිනොවදින ලමයි ජ්‍යාත්‍යන්තර ගමනට සැරසෙයි

“හෝ ගානා පොකුණ චිත්‍රපටය සමග සිංහල සිනමා රසිකයාට නැවුම් ආශ්වාදයක් ලබාදෙන්න සමත් වූ ඉන්දික ප්‍රනාන්දු කලාකරුවාගේ නවතම සිනමා නිර්මාණය ගැන මේ දිනවල කතාබහ වෙනවා. ඒ “වෙඩි නොවදින ලමයි” ( Bulletproof Children ) චිත්‍රපටයයි. මෙය ඉන්දික ප්‍රනාන්දු මහතාගේ දෙවන සිනමා නිර්මාණයයි. තවම ශ්‍රී ලංකාවේ ඉදිරියේ තිරගතවීමට නියමිත මෙම චිත්‍රපටය ජ්‍යාත්‍යන්තර සිනමා සම්මාන උලෙල කිහිපයක් නියෝජනය කිරීම ආරම්භ කර තිබෙනවා.

චීනයේ පැවැත්වෙන Golden Rooster Awards සිනමා සම්මාන උලෙලේ විදෙස් චිත්‍රපට කාණ්ඩයේ තරගකාරී අංශය නියෝජනය කිරීමට  මෙම චිත්‍රපය තෝරාගෙන ඇතිබව එම සම්මාන උලෙල විසින් දැනුම් දී තිබෙනවා. එම සම්මාන උලෙලේ නොවැම්බර් 24 වනදා චීනයේ Xiamenහිදී මෙම චිත්‍රපටය තිරගත කිරීමට නියමිටතයි.

මෙම චිත්‍රපටය තිරරචනය ඉන්දික ප්‍රනාන්දු සමගින් පියල් කාරියවසම් වන අතර දීපා එදිරිසිංහ මෙම චිත්‍රපටය නිශ්පාදනය කර තිබෙනවා. කලන ගුණසේකර , අනසුයා සුභසිංහ, හේමසිරි ලියනගේ, දයාදේව එදිරිසිංහ, ජයලත් මනෝරත්න, ස්ටෙෆාන් තිරිමාන්න, නිපුනි සාරධා, මහේන්ද්‍ර පෙරේරා , අනුලා බුලත්සිංහල, අශාන් ඩයස්, කසුනි කාවින්දි, ශේවියර් කණිෂ්ක, මෙහි රංගනයෙන් දායක වේ. තිස්ස සුරේන්ද්‍ර මහතාගේ සංස්කරණයක් වන අතර කැමරා අධ්‍යක්ශණය දිමුතු කාලිංග දහනායකයි. කලා අධ්‍යක්ශණය කසුන් මහවඩුගේ විසිනි. මෙහි සංගීතමය නිර්මාණය තිලංක ගමගේ හා නදීක වැලිගොඩපොල විසිනි. වේශ නිරුපනය බුවනෙක රණවක, නිශ්පාදන කලමණාකරණය මදුරංග ජාගොඩ, ශබ්ධ නිර්මාණය ශිල්පියා සසික රුවන් මාරසිංහ, වර්ණ සංයෝජනය දිනිදු ජාගොඩ විසිනි.

මෙම චිත්‍රපටය කොරෝනා සමයෙන් පසු ඉදිරි වසරේදි ශ්‍රී ලාංකික රසිකයාට නැරබීමට සිනමා ශාලා වෙත නිකුත්වනු ඇත.  

Related posts

නිලි රැජිනගේ තුන්වන පරම්පරාවෙන් සිනමාවට එන කුශී

Himal Samaranayake

ආනන්ද ෆොන්සේකා දිවිගමන නිමා කරයි.

Himal Samaranayake

ශලනි අලුත්කල වසර 24ක වාර්ථාව

Himal Samaranayake

Leave a Comment