රයිගම් ටෙලි සම්මාන් උලෙළේදී විශිෂ්ටතම ටෙලි නිර්මාණ සදහා වූ සම්මාන මීට සුලු මොහොත්කට පෙර ලබාදුන්නා. 2019 වසරේ තිරගත වූ විශිෂ්ටතම ටෙලි නිර්මාණ, ටෙලි නලුවා හා නිලිය මෙන්ම විශිෂ්ටතම අධ්‍යක්ශණය සදහා සම්මාන පිරිනැමුණා.

2019 වසරේ විශිෂ්ටතම ටෙලි නලුවා ලෙස ජාතික රූපවාහිනියේ විකාශණය වූ සුදු ඇදගෙන කලු ඇවිදින් ටෙලි නාට්‍යයේ විල්සන් ගේ චරිතය වෙනුවෙන් ආනන්ද කුමාර උන්නැහැ සම්මානයට පාත්‍ර වුනා. ඔහු සමග එම සම්මානයට වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍ය වෙනුවෙන් රොශාන් රවීන්ද්‍ර හා අඩෝ ටෙලිනාට්‍ය වෙනුවෙන් දසුන් පතිරණ නිර්දේශවී තිබුණා.

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිලිය ලෙස අඩෝ ටෙලිනාට්‍යයේ කමනිගේ චරිතය නිරූපනය කල ශලනි තාරකා සමත් වුනා. ඇය එම සම්මාන උලෙලේදී වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිලිය ලෙසද සම්මානයට පාත්‍ර වුනා. රයිගම් ටෙලිනාට්‍ය සම්මාන උලෙළකදී එම දක්ශතාවය දැක්වූ පලමු අවස්ථාව ලෙස  මෙය ඉතිහාස ගතවුනා.

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අධ්‍යක්ශණය වෙනුවෙන් නාමල් ජයසිංහ තිරරචනය කල වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍ය අධ්‍යක්ශණය කල ආනන්ද අබේනායක මහතා දිනාගනු ලැබුවා.

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ලෙස ජාතික රූපවාහිනියේ විකාශනය වූ සුනිල් කොස්තා මහතා අධ්‍යක්ශණය කල සුදු ඇදගෙන කලු ඇවිදින් ටෙලිනාට්‍ය සම්මානනීය වූනා. එය පසුගිය වසරේ වෙනත් සම්මාන උලෙළකදී ජනප්‍රියම ටෙලිනාට්‍ය ලෙසද සම්මාන ලබාගත්තා.  

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *