ඉන්දියානු සංගීතයේ නොමැකෙන නාමයක් වන S.P බාලසුබ්‍රමණියම් මහතා අද අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඔහු 74 වියේ පසුවුනා. ඔහුගේ මරණයට හේතුව කොරෝනා රෝගීතත්වය බවයි වාර්ථාවන්නේ.

1946 ජූනි 4 වනදා උපතලැබූ S.P බාලසුබ්‍රමණියම් මහතා කලා ලෝකයතුල SPB, SPබලා, බාලු යන අන්වර්ථ නාම වලින්ද හැදින්වූවා. ඉන්දියානු සංගීතවේදියෙකුට අමතරව ඔහු චිත්‍රපට පසුබිම් ගායකයෙකු, සංගීත අධ්‍යක්ශකවරයෙකු,නලුවෙකු, හඩකැවීම් ශිල්පියෙකු මෙන්ම චිත්‍රපට නිශ්පාදක වරයෙකු ලෙසද සේවය කර තිබෙනවා. ඔහුගේ නිර්මාණ තෙලිගු, දමිල, කන්ණ්ඩ,හින්දු හා මලයාලම් යන විවිධ භාශාවලින් නිර්මාණය වී තිබීම විශේෂ්‍යත්වයක්.

සාවිත්‍රි බාලසුබ්‍රමණියම් ඔහුගේ බිරිද වූ අතර ඔවුන්ට S.P චරන් හා පල්ලවී බාලසුබ්‍රමණියම් යන දරුවන් දෙදෙනෙකුද සිටියා. පද්ම ශ්‍රී, GIMA Awards හා Filmfare ඇතුළු සම්මාන රැසක හිමිකරුවෙකු වන්නට ඔහුට හැකියාව ලැබුණා.

කොරෝනා රෝගීතත්වය හේතුවෙන් පසුගියදා රෝහල් ගතකල ඔහු චෙන්නායි නුවර MGM Healthcare හිදී අභාවප්‍රාප්ත වුනා.  

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *