Dr Sumya Liyanage
Artist Helawood

සෞම්‍ය වෙනුවෙන් කලාකරුවන් පෙරට

සෞම්‍ය ලියනගේ යන නාමය මෙරට සිනමාලෝලී ඔබට නුපුරුදු නාමයක් නොවේ. අබා, නිම්නයක හුදකලාව, හීනහොයන සමනල්ලු ආදී සිනමා නිර්මාණ ගනනාවක ඔහුගේ දක්ශතා දැකගන්න පුළුවන්. ඊට අමතරව ඔහු වේදිකාවද ජයගත් විශිෂ්ට නලුවෙකි. මෙරට සුවිශිෂ්ට කලාකරුවෙකු වන හේමසිරි ලියනගේ මහතාගේ පුත්‍රයෙකු මෙන්ම සංගීතවේදී ඉන්ද්‍රචාප ලියනගේ මහතාගේ සහෝදරයෙකුද වෙයි. මෑතකාලීනව ඔහු වැඩි වශයෙන් නියැලී සිටියේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරයෙකු ලෙසයි.

නමුත් ඔහුව එම තනතුරෙන් ඉවත්කිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය කටයුතුකර තිබෙනවා. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ ඔහු විසින් කතිකාචාර්යවරයෙකු ලෙස තම පරිවාසකාලය නිමාවීමට පෙර පශ්චාත් ( ආචාර්ය ) උපාදි සුදුසුකම සපුරා නොමැති බවයි. නමුත් ඒ වසර 6ක්තුල ඔහුට විශ්වවිද්‍යාලය විසින් මහාචාර්ය හා පීඨාධිපතිවරයෙකු ලෙස ඔහුව උසස් කර තිබේ.

මේ ඉවත්කිරීම පිළිබඳ කලාශේත්‍රයේ බොහෝදෙනෙකු ඔවුන්ගේ අප්‍රසාදය පලකර සිටිනු දක්නට ලැබුණා. සමාජ මාධ්‍ය ඔස්සේ අශෝක හදගම, චින්තන ධර්මදාස, සමනලී ෆොන්සේකා, විමුක්ති ජයසුන්දර, කණිෂ්ක චාමින්ද ජයලත්, රවී සෙනෙවිරත්න ආදී බොහෝ කලකරුවන් සිය විරෝධය පලකර තිබුණා. වර්ථමානයේ තමන් නියෝජනය කරන කලාශේත්‍රයේ අනාගත පරපුර නිර්මාණය කරන ස්ථානයේ සිදුවන දේ පිළිබඳ මැදිහත්වීමට මෙන්ම අදහස් දැක්වීමට ඔවුන්ට අයිතියක් මෙන්ම වගකීමක්ද ඇතිබව අප පිළිගත යුතුය.

සම්මානලාභී  ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ශක අශෝක හදගම මහතා සිය සමාජ මාධ්‍ය ගිනුම ඔස්සේ පවසා තිබුනේ සෞම්‍ය ලියනගේ යනු සරත්චන්ද්‍ර යුගයෙන් පසු පර්‍යේශණ සංස්කෘතියක් මෙරට විශ්වවිද්‍යාල තුල ඇතිකිරීමට ශක්‍යතාවක් තිබු අයෙකු බවත් මෙවැනි ආචාර්යවරු මෙරට විශ්වවිද්‍යාලතුල හමුවන්නේ ඉතා කලාතුරකින් බවත් ඔවුන්ව රැකගැනීම විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සතු වගකීමක් බවත්ය. 

Related posts

රයිගම් සම්මාන : නිර්දේශිත නාමයන්

Himal Samaranayake

සාරංග දිනක්ශි යුග දිවියට

Himal Samaranayake

මනෝගේ මතක එක්ක මිස් ජෙනිස් ලගදීම

Himal Samaranayake

Leave a Comment