Ananda Fonseka
Artist Helawood NEWS

ආනන්ද ෆොන්සේකා දිවිගමන නිමා කරයි.

ශ්‍රී ලාංකික නිලි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ සහෝදරයෙකු වූ ප්‍රවීන නිශ්චල ඡායාරූප ශිල්පී ආනන්ද ෆොන්සේකා මහතා අද අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඒ මහතා 70 වන වියේ පසුවුනා.

උමයංගනා චිත්‍රපටය හා කෙම්මුර ටෙලිනාට්‍ය අධ්‍යක්ශණය හා නිශ්පාදනය කල ඒ මහතා සිය වෘත්තීය වශයෙන් නියැලුනේ ඡායාරූපකරණය සමගය. තිලක හා තිලක , දැන් එයා ලොකු ලමයෙක් ටිකිරා වැනි චිත්‍රපට සදහා රංගනයෙන් දායක විය.

කලාලෝකයට විශිෂ්ට හැකියාවන්ගෙන් යුතු දරු මුනුපුරන් දායාදකල සීලවතී ෆොන්සේකා හා ගිල්බට් ෆොන්සේකාගේ පුත්‍රයෙකුවන ඔහු මෙරට සිනමාවේ නිලි රැජින මාලනී ෆොන්සේකා හා දමයන්ති ෆොන්සේකා මහත්මීන්ගේ සහෝදරයෙකු මෙන්ම අලුත් පරපුරේ ජනප්‍රිය මෙන්ම විශිෂ්ට රංගනශිල්පිනියක වන සමනලී ෆොන්සේකාගේ ආදරණීය පියානණ්වෙයි. එමෙන්ම මේදිනවල තිරගතවන රූකඩ පැංචි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපනය කරන කුශේන්‍යා ෆොන්සේකාගේ සීයාද වනවා.

කලාලෝකයට වටිනා මෙහෙයක් ඉටුකල ආනන්ද ෆොන්සේකා මහතාට නිවන්සුව පතමු.  

Related posts

සිනාවෙන් අපව මුසපත්කල ආදරණීය ටෙනී සමුගනී.

Himal Samaranayake

කොරෝනා මැද රිදී තිරයට ආ 2020 සිංහල චිත්‍රපට

Himal Samaranayake

හොඳම නඵවාට හිමි සම්මානය ශාම්ට

Ransika Jayakody

Leave a Comment