සිංහල සිනමාවේ හාස්‍යජනක රංග කෞශල්‍යය විදහාලමින් සුවහසක් සිංහල සිනමා රසිකයා සිනාසාගරයක ගිල්වූ අග්‍රගණ්‍ය සිනමා නලු ටෙනිසන් කුරේ මහතා අද සිය ජීවනගමන නිමාකලා. අද දහවල් කොළඹ ජාතික රෝහලේදී ඔහු මියයන විට 68 වියේ පසුවුණා.

මොරටුව මෙතෝදිස් පාසලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු 1986 දී ඔහු සිංහල සිනමාවට අත්පොත් තබන්නේ පෙරලිකාරයෝ චිත්‍රපට හරහායි. එතැන් සිට මෙරට ප්‍රේක්ෂකයාගේ මතකයේ රැදුනු අග්‍රගණ්‍ය හාස්‍ය චිත්‍රපට ගනනාවකට තමාගේ රංගන හැකියව ලබාදෙන්නට ඔහුට හැකියාව ලැබුණා. ඒ අතර රෑ ඩැනියල් දවල් මිගෙල්, චෙරියෝ ඩාලිං, කොලම්පූර්, පාලිමන්ට් ජෝක්ස්, සොමි බෝයිස්, ඇතුලු චිත්‍රපට ගනනාවකම සිය රංග කෞශල්‍යය විදහා දැක්වූවා.

ඊට අමතරව ඔහු විසින් තිරරචනය කල හා අධ්‍යක්ශණය කල චිත්‍රපට හා වේදිකානාට්‍ය ගනනාවක් පවතිනවා. ඔහු විසින් රංගනයෙන් දායකවූ රෝයිද සිල්වා අධ්‍යක්ශණය කල රෑ ඩැනියල් දවල් මිගෙල් චිත්‍රපටය හරහා මෙරට හාස්‍යෝත්පාදක සිනමාවේ බන්දු ටෙනී යුගයක් ගොඩනගන්න ඔහුට හැකියාවක් ලැබුණා. දෙරණ සිනමා සම්මාන උලෙලේ හොදම හාස්‍යෝත්පාදක රංගනශිල්පියා ලෙස හාස්‍ය රංගනය වෙනුවෙන් සම්මානයක් ගත් පලමු රංගන ශිල්පියා ලෙස ඔහු ඉතිහාසයට එක් වුනා.

1952 අප්‍රියෙල් මස 30 වනදා මෙලොව එලිය දුටු මේ අග්‍රගණ්‍ය කලාකරුවා එදා මෙදාතුර මෙරට සිනමාවේ අතලොස්සක් වූ සාර්ථක හාස්‍යෝත්පාදක රංගනශිල්පීන් අතර ප්‍රමුඛ ස්ථානයක් හිමිකරගත් අයෙක්. එවන් වූ විශිෂ්ටයෙකුට සිංහල සිනමා රසිකයන් වෙනුවෙන් නිවන් සුව ලැබේවායි පතමු.  

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *