The Popcorns
Image default
World

හේමාල්ගේ කොලිවුඩ් ගමනට දින නියම වෙයි.

2012 වසරේ නිකුත්වූ සුපර් සික්ස් චිත්‍රපටය සමග සිනමාවට පැමිණි හේමාල් රණසිංහ 2014 වසරේ නිකුත්වූ ප්‍රවේගය චිත්‍රපටයෙන් ලංකාවේ ජනප්‍රියම රංගනශිල්පියා බවට පත්වුනා. ඒ සමගම ඔහුට මෙරට විශාල රසික ආකර්ශණයක් ලැබුණු අතර අද දක්වාම එම රසික ආකර්ශණය නොනැසී පවත්වාගන්න ඔහුට හැකිවීතිබෙනවා. ඔහුගේ රසිකයන්ට පසුගිය වසරේ අවසන් භාගයේදී සතුටුදායක තොරතුරක් වාර්ථාවුනේ ඔහුගේ පලමු විදේශීය චිත්‍රපටය නිකුත්වීමට සූදානම් බවයි. ඒ අනුව ඔහුගේ ශ්‍රී ලංකා සිනමා නිර්මාණයකින් පිටත පලමු චිත්‍රපටය ලෙස සෙකන්ඩ් ශෝ චිත්‍රපටය නිකුත්වන දිනය පිළිබඳ දැන් තොරතුරු වාර්ථාවනවා. 
මෙම චිත්‍රපටය අධ්‍යක්ශණය කරන්නේ කුලුදුල් කොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ශක A.T. ඥානම් නම් අධ්‍යක්ශකවරයායි. මෙම චිත්‍රපටය සිංහල හා දමිල යන භාශා දිත්වයෙන්ම නිර්මාණය වූ බවයි වාර්ථාවන්නේ. ඒ අනුව් මෙම චිත්‍රපටය එලැබෙන දීපාවලී දා නිකුත්වීමට නියමිත බව වාර්ථාවනවා. ඒ බව අරුණ පුවත්පතේ පිණිපලස අතිරේකයද තහවුරු කර තිබුණා. දීපාවලී දා තිරගතවීමට නියමිත මෙම චිත්‍රපටය වෙනුවෙන් විශාල ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් බලා සිටින බව මේ වන විටත් නොරහසක්. 


මෙම චිත්‍රපටයේ හේමාල් රණසිංහ සමග තවත් ඉන්දියානු ජනප්‍රිය රංගනශිල්පීන්‍ රැසක් එක්වනවා. ඒ අතර දෙරණ නාලිකාවේ විකාශයන වූ ඉන්දියානු කතාමාලාවක් වන අධිරජ ධර්මාශෝක කතාවේ අශෝකගේ මව ලෙස රාණී ධර්මා චරිතයෙන් එක්වූ පල්ලවු සුභාශ් ශේකර්ද එක්වනවා. ඊට අමතරව ඇය මෙරට නිර්මාණය වූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ බිම්භාදේවී හෙවත් යශෝධරා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයෙන් මෙරට රසිකයන්ට සමීප වුනා. ඊට අමතරව කොලිවුඩ් ෆිල්ම් ෆෙයාර් සම්මාන ලාබී අජ්මාල් අමීර්, කොලිවුඩ් නිලි විද්‍යා ප්‍රදීප්, තෙලිගු නිලි අක්ශතා සොනාවනේ, ගුජරාට් නිරූපන ශිල්පිනී පූජා මොන්ඩාල් මෙම චිත්‍රපටයේ සෙසු ප්‍රධාන චරිත නිරූපනය කරනවා. 


Suspense Thriller Fantasy ඝනයට අයත් මෙම චිත්‍රපටය 2019 වසරේ නොවැම්බර් හා දෙසැම්බර් යන මාස දෙක පුරාවටම එංගලන්තයේ ලන්ඩන් හා බර්මින්හැම් නගර කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වුනා. එමෙන්ම මෙම චිත්‍රපටයේ සිංහල දෙබස් රචනය සිදුකර ඇත්තේ චිත්‍රපට අධ්‍යක්ශක තිසර ඉබුලාන විසිනි. 
සුපර්සික්ස්, ප්‍රවේගය, තාල, විජයභාකොල්ලය, ආදරණීය කතාවක් ඇතුලු චිත්‍රපට 17ක රංගනයෙන් එක්වී ඇති හේමාල් රණසිංහ රංගනයෙන් එක්වූ 18 වන චිත්‍රපටය මෙයයි. නමුත් තවමත් ඔහුගේ චිත්‍රපට අතරින් තිරගතවී ඇත්තේ චිත්‍රපට 11ක් පමණයි. මේ වන විටත් සමාජමාධ්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයන් මේ චිත්‍රපටය වෙනුවෙන් ඉතා උනන්දුවක් දක්වන බව දකින්න පුළුවන්. විශේශයෙන් හේමාල් රණසිංහගේ රසිකයන් මේ වනවිට මේ චිත්‍රපටය සදහා විශාල උනන්දුවක් දක්වන අයුරු දකින්න පුළුවන්. ඒ අනුව මෙම චිත්‍රපටය තිරගතවීම ආරම්භකල පසු විශාල ජනප්‍රියත්වයට පත්වනු ඇත. නමුත් තවමත් මෙම චිත්‍රපටයේ පුනරූපන පටය හෝ මුලින්ම නිකුත්වන සිනමාශාලාව ප්‍රකාශයට පත්කර නෑ.

Leave a Comment