The Popcorns
Image default
Lifestyle

නයනතාරාට හා රංජන්ටත් කොරෝනා ආසාදනය වෙයි.

මෙරට නැවතත් කොරෝනා වෛරසය ඉතාම වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇත. දෛනිකව විශාල ප්‍රමාණයක් ආසාධිතයන් හා මරණ ප්‍රමාණයක් වාර්ථාවෙමින් පවතී. මේ අතර මෑත දින කිහිපයේදීම කලාවට සම්බන්ධ චරිත කිහිපයකටම වෛරසය ආසාධනය වූ පුවත අසන්න ලැබුණා. පසුගියදා හිරු නාලිකාවේ සිහින ගෙනෙන කුමාරියේ කණ්ඩායමට වෛරසය ආසාධනය වීම නිසා සිදුකල පරීක්ශණයකින් පසු ජනප්‍රිය රංගනශිල්පිනී ශලනි තාරකාට කොරෝනා වෛරසය ආසාධනය වූ බව වාර්ථා වුනා.

පසුව අද (06) උදෑසන වාර්ථා වුනේ ජනප්‍රිය නවක ටෙලිනාට්‍ය නිලියක් වන නයනතාරා වික්‍රමාරච්චිට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි. ඒ බව ඇය විසින් සිය සමාජමාධ්‍ය ගිනුමේ සටහනක් තබමින් තහවුරු කලා. ඒ අනුව ඇය මේ වන විට නිවෙස් නිරෝදායනයට ලක්වී ඇති බවයි වාර්ථාවන්නේ. මේ දිනවල ඇය දෙරණ නාලිකාවේ දෙවනි ඉනිම නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගී වෙයි. ඇයගේ ආශ්‍රිතයන්ගෙන් අය ඉල්ලා සිටින්නේ කොවිඩ් පරීක්ශණයකට ලක්වන ලෙසයි.

ඊට අමතරව අද පස්වරුවේ වාර්ථාවුනේ ජනප්‍රිය සිනමා නලුවෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රංජන් රාමනායක මහතාද කොවිඩ් ආසාධිතයෙකු බවට තහවුරු වූ බවයි. ඔහු මේ වන විට බන්ධනාගාර ගතවී සිටින අතර එහිදී සිදුකල පරීක්ශණයක් අතරතුර මේ බව තහවුරු වී තිබෙනවා. ඔහු මේ වනවිට නිරෝදායනයට ලක්වී තිබෙනවා. රංජන් රාමනායක මහතා මීට දින කීපයකට පෙර බන්ධනාගාර ආරක්ශාව යටතේ සිය ඥාතියෙකුගේ අවමංගල්‍යය උත්සවයකටද සහභාගී වී තිබෙනවා.  

Related posts

ශලනි තාරකාට කොවිඩ් 19 ආසාදනය වෙයි.

thepopcorns

Leave a Comment