සයපෙති කුසුම චිත්‍රපටය සමග සිංහල සිනමා අධ්‍යක්ශණයට ආ විසාකේස චන්ද්‍රසේකරම්ගේ දෙවන සිනමා අධ්‍යක්ශණය වන පාංශු චිත්‍රපටය මේ දිනවල සිනමාශාලාවල විකාශණය වනවා.ශ්‍රී ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් සහභාගී වන මෙම චිත්‍රපටය අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලැබූ චිත්‍රපටයක්.

සැමියා අහිමිව සිය පුතු සමග ජීවත් වූ මවක් භීශණ සමයේ ඇගේ පුතු නාදුනන පිරිසක් විසින් පැහරගෙන යාම මත පදනම්ව මෙහි කතාව ගලායයි. පැහැරගෙන යන පුතුසොයා ගමන් ගන්නා මවට අවසානයේ පුතු හමුවේද , වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? . මේ දිනවල ඔබට සිනමාශාලාවලදී එයට පිළිතුරු සොයාගන්න පුළුවන් .

මෙම චිත්‍රපට වෙනුවෙන් එහි මවගේ චරිතය හෙවත් බබානෝනාගේ චරිතය නිරූපනය කල ප්‍රවීන රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු ප්‍රංශයේ නීස් අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේදී හොදම නිලිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ වගේම තවත් අන්තර්ජාතික සිනමා සම්මන උළෙල රැසකදී පාංශු චිත්‍රපටය සම්මානනීය වන්න්නට සමත් උනා.

පාංශු චිත්‍රපටය තිරරචනය හා අධ්‍යක්ශණය ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් වන අතර දිමුතු කාලිංග දහනායක කැමරා අධ්‍යක්ශණයත් සිතුම් සමරජීව සංස්කරණය චින්තක ලක්මාල් ජයකොඩි සංගීත අධ්‍යක්ශණයෙන්ද කලා අධ්‍යක්ශණය හා ඇදුම් නිර්මාණය ශර්ලි සමරසිංහ දායක වී ඇත. නිශ්පාදන කලමණාකරණය නිමේශ් උදයන්තයි.

මෙම චිත්‍රපටයේ රංගන ශිල්පීන් ලෙස නීටා ප්‍රනාන්දු , නදී කම්මැල්ලවීර, මයුර කාංචන, ශේවියර් කණිෂ්ක, රන්දික ගුණතිලක, ගයාන් ලක්රුවන්, ජගත් මනුවරණ, නිල්මිණි බුවනෙක, ග්‍රේස් තෙන්නකෝන්, කුමුදු කුමාරසිංහ, මැල්කම් මචාඩෝ, දයා වයමන් ඇතුළු පිරිසක් මෙහි රංගන ශිල්පීන් ලෙස දායක වෙයි.

“මහා සංහාරයක් අමතක වූ පරපුරකට – පාංශු ” දැන් පවුලේ සැමට ලගම සිනමා ශාලාවෙන් නැරඹීමට හැකිය.

Share:

administrator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *